ට්‍රම්ප් එක්ක සෙලෙන්ස්කි කළ කසුකුසුව!

Date:

සටහන – පුලී
අප්‍රේල් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය උළෙල ට පෙර යුක්රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශාන්ත පීතර බැසිලිකාව තුළ හමුවී සාකච්ඡා කරන අයුරු දැක්වෙන රූපරාමු විදෙස් මාධ්‍ය වාර්තා කෙරිණි.

ධවල මන්දිරයේ දී පැවති විනාඩි 15 ක හමුව ඉතා ඵලදායී හමුවක් ලෙස ද විස්තර කර තිබිණි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය ආරම්භ වීමට මිනිත්තු කිහිපයකට පෙර ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි ගැඹුරු සාකච්ඡාවක නිරත වී සිටින අයුරු සියල්ලෝගෙම නෙත් ගත් අවස්ථාවක් විය.

ඉකුත් සිකුරාදා මොස්කව්හිදී ඔහුගේ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පැවති සාකච්ඡාවලින් පසුව, රුසියාව සහ යුක්රේනය “ගිවිසුමකට ඉතා ආසන්න” බව ට්‍රම්ප් පැවසූ දිනකට පසුව මෙම හමුව සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...