තණ නිල්ල දිගේ ඇදිලා යනවා සිත මා – ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා සමුගනී ….

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 69 වැනි වියේ පසුවිය.

බයිලා ගීත ගායකයකු වශයෙන් ජනප්‍රිය වූ සමන් ද සිල්වා ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වී ඇත්තේ 1975 දී ය. ඒ අනුව වසර 50 ක පමණ කාලයක් තිස්සේ ඔහු විසින් අතිශයින් ජනාදරයට පත් ගීත රැසක් ගායනා කර ඇත.

තණ නිල්ල දිගේ ඇදිලා යනවා, නියරේ පිය නඟලා, මතකයි අම්මේ ඔබෙ දරු නැළවිල්ල, රන් රස වාගේ, සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න, අයරින් ජොසපින්, පිස්සු විකාරේ, මුහුදේ යමු, සුරූපී විරූපී, පෙම් මාළිගාවෙ අප්සරාවියේ, පුංචි කුරුළු කූඩුවේ, අද වෙස්සන්තර රාජ පුතා, කොළඹ නගරෙ රෑට යනාදී ගීත රැසක්ම ඊට ඇතුළත් ය.

සමන් ද සිල්වා ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන් ද කලක් කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...