ජනපති අනුරගෙන් දෙමළ ඩයස්පෝරාවේ ධන කුවේරයින්ට ආරාධනාවක්

සටහන – රුවන් නෙළුගොල්ල

මාන්කුලම්හි ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත පුරයේ ආයෝජනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කළේය.

“අපේ විශාල බලාපොරොත්තුනක් තියෙනවා මේ යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා. ආණ්ඩුවේ පළමු කාලය තුළ ජාත්‍යන්තර තරගයක් පවත්වනවා. අපේ පරම්පරාව යුද්ධ කර ගත්තා හැබැයි අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධය නැති රටක් හදමු. අන්න ඒක තමයි ජාතික ජන බලවේගයේ වැඩේ. මේ ප්‍රදේශයේ හිටිය බොහෝ අය විදෙස්ගත වෙලා ඉන්නේ. ඔවුන්ට විශාල ආදායම් තියෙනවා. අපි ඒ සියලුදෙනාට ආරාධනා කරනවා එන්න ලංකාවට. ආයෝජනය කරන්න පටන්ගන්න. අපි මාන්කුලම්වල කර්මාන්ත පුරයක් ආරම්භ කරනවා, ඒවට එන්න ආයෝජනය කරන්න. ඔබ කොහේ හිටියත් මේක අපි ඉපදුන රට. මේ රට හදන්න සහභාගි වෙන්න කියලා ඩයස්පෝරාවේ අයට කියනවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 26) පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...