ජනපති අනුරගෙන් දෙමළ ඩයස්පෝරාවේ ධන කුවේරයින්ට ආරාධනාවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මාන්කුලම්හි ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත පුරයේ ආයෝජනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කළේය.

“අපේ විශාල බලාපොරොත්තුනක් තියෙනවා මේ යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා. ආණ්ඩුවේ පළමු කාලය තුළ ජාත්‍යන්තර තරගයක් පවත්වනවා. අපේ පරම්පරාව යුද්ධ කර ගත්තා හැබැයි අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධය නැති රටක් හදමු. අන්න ඒක තමයි ජාතික ජන බලවේගයේ වැඩේ. මේ ප්‍රදේශයේ හිටිය බොහෝ අය විදෙස්ගත වෙලා ඉන්නේ. ඔවුන්ට විශාල ආදායම් තියෙනවා. අපි ඒ සියලුදෙනාට ආරාධනා කරනවා එන්න ලංකාවට. ආයෝජනය කරන්න පටන්ගන්න. අපි මාන්කුලම්වල කර්මාන්ත පුරයක් ආරම්භ කරනවා, ඒවට එන්න ආයෝජනය කරන්න. ඔබ කොහේ හිටියත් මේක අපි ඉපදුන රට. මේ රට හදන්න සහභාගි වෙන්න කියලා ඩයස්පෝරාවේ අයට කියනවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 26) පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...