ඉන්දියාව හා පාකිස්ථානය අතර දෙවන දිනටත් වෙඩි හුවමාරුවක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි හිදී පසුගිය 23 වන දින දේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් සිදු වූ මාරාන්තික වෙඩි තැබීමෙන් 26 දෙනෙකු මිය යාමෙන් අනතුරුව දෙරට අතර සබඳතා බිඳ වැටීමෙන් පසු දෙවන වරටද දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම පකිස්ථානය පදනම් කරගත් ලෂ්කාර්-ඊ-තායිබා සන්නද්ධ කණ්ඩායම භාර ගැනීමත් සමඟ ඉන්දියාව හා පකිස්ථානය එකිනෙකාට එරෙහිව පියවර රැසක් අනුගමනය කරන ලදී.

ඉන්දියාව සියලුම පකිස්තනුවන්ට සිය රටෙන් පිටවන ලෙස පැය 48ක කාලයක් ලබා දුන් අතර වසර හයක් පැරණි ජල ගිවිසුමද අත්හිටුවන ලදී. පාකිස්තානය ද ඉන්දියානු ගුවන් සමාගම් සඳහා තම ගුවන් අවකාශය වසා දැමු අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී සඳහන් කර තිබුණේ, ත්‍රස්තවාදීන් පෘථිවියේ කෙළවර දක්වා දඩයම් කරන බවයි.

කෙසේ නමුත් මේ වන විට දෙපාර්ශවයම කාශ්මීර කලාපයේ හමුදා කඳවුරු සකසමින් සිටින අතර පකිස්ථානය ප්‍රහාරය සම්බන්ධයෙන් මධ්‍යස්ථ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඇති අතර ඔවුන් සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත්, සාමයට අනුග්‍රහය දක්වන බවත් ප්‍රකශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...