*
Monday, April 28, 2025
spot_img

Latest Posts

බංගලාදේශයට නොනැවතී වෙට්ටු දමන උතුරේ දඟ කැවීම

නිශ්මං රණසිංහ අප්‍රේල් 27, කොළඹ LNW:

යාපනය හාර්ට්ලි විද්‍යාලය ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ අනාගත පරිච්ඡේදයක ඉහළින්ම ලියවෙන නමක් කරන බවට සහතික කරමින් විග්නේෂ්වරන් ආකාශ් සිය දකුණත් පිට දඟ පන්දුවෙන් යළිත් වරක් බංගලාදේශය අසරණ කළේය.එ් ලකුණු 241 ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ අවුරුදු 19 න් පහළ කණ්ඩායම ලකුණු 143 ට සීමා කරමින් ලකුණු 35 ට කඩුලු 5 ක් දවා ගනිමින්ය.ආරම්භයේදී යළිත් වරක් ලෙස සඳහන් වූයේ ඉකුත් වසරේ පැවති ශ්‍රී ලංකා – බංගලාදේශ අවුරුදු 17 න් පහළ තණ්ඩායම් අතර තරගයේදී ද,ආකාශ් ලකුණු 27 ට කඩුලු 5 ක් දවා ගනිමින් බංගලාදේශය ලකුණු 141 ට සීමා කරන්නට මුල් වූ බැවින්ය.


තරග හයකින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය හිමිවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක විමත් දින්සර ට ය.ඔහුගේ තීරණය පළමුව පන්දුවට පහර දීමය.ශ්‍රී ලංකාවේ ආරම්භය යහපත් එකක් නොවිණි.මුල් කඩුලු 2 ලකුණු 25 දැවී ගිය අතර ඉනිත්බිති ලකුණු 48 ක සබඳතාවයක් සනුජ වැකුණගොඩ (50) සහ විමිත් දින්සර (19) අතර ඇති විය.එහෙත් ලකුණු 90 දී ශ්‍රී ලංකාවට පස්වන කඩුල්ලද අහිමි වූයේ බංගලාදේශ පන්දු යවන්නන්ට තරගයේ වැඩි ගෞරවය හිමි කර දෙමින්ය.


හයවන කඩුල්ල ද ලකුණු 114 දී ශ්‍රී ලංකාවට අහිමි වී තරගයේ ජයග්‍රහණය බංගලාදේශය පැත්තට හැරුණු මොහොතක එය සම්පූර්ණයෙන් කණපිට පෙරලීමේ සබඳතාවය ගොඩ නැගෙන්නේ චාමික හීනටිගල (78) සහ කවීජ ගමගේ (60) නොදැවී ක්‍රියාත්මක කළ ඉණිම් දෙක නිසා ගොඩ නැඟුණු ලකුණු 127 ක නොබිඳුණු සබඳතාවය හේතුවෙන්ය.ඒ අනුව බංගලාදේශ පන්දු යවන්නන් ගොඩ නඟා ගෙන සිටි විශ්වාසය යම් තරමකින් පළුඳු වන්නට විය.


බංගලාදේශය එම අභියෝගයට සූදානම් වෙමින් 17 වන පන්දු ඕවරයේ පසුවන පන්දුවේදි සිය දෙවන කඩුල්ල අහිමි වෙද්දීද ලකුණු 74 ක් ලබා යම් ස්ථාවරයක උන්නේය.එහෙත් ආකාශ්ගේ කැදවිමත් සමඟ තරගය කණපිට පෙරළිණ.ඔහු බංගලාදේශය වෙනුවෙන් මේ තරගයේදි වඩාත් සාර්ථක වූ පිතිකරුවා වූ කලාම් සිද්දිකී (46) ගේ කඩුල්ලත් සමඟ ලකුණු 35 ට කඩුලු 5ක් බිඳ හෙළන්නට සමත් විය.පන්දු ඕවර් 9 දී ලකුණු 35 ක් පමණක් දෙමින් ඔහු ලබා ගත් කඩුලු 5 ට සහය වන්නට ඔහු සමග උතුරෙන් පැමිණි වේග පන්දු සඟයා වන කුගදාස් මාතුලන් යාපනය ශාන්ත ජෝන් විද්‍යාලීය නම ද ජයග්‍රහණයේ සහයකයෙක් කර ලකුණු 30 ට කඩුලු 2 ක් දවා ගත්තේය.කොළඹ ආනන්දයේ කිත්ම විදානපතිරන ලකුණු 17 ට කඩුලු 2 ක් දවා ගත්තේය.


මේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැල්ලට කඩා නොවැටී ඉරණම වෙනස් කළ හැකි පිතිකරු සංයුතියකින් යුතු බව පසක් කිරීම වැදගත් දෙයක් විය.කඩුලු 6 ක් දැවුණ පසු නොබිඳි ලකුණු 127 ක සබඳතාවයක් ඇති කිරීමට හැකි මට්ටමේ කණ්ඩායමේ අංක 8 දක්වාම විශ්වසනිය පිතිකරණයක නියැලිය හැකි පිතිකරුවන් සිටින බව තහවුරු විය.ඉනික්බිති යළිත් බංගලාදේශය තරගයට පිවිස පිතිකරණයෙන් ජයග්‍රහණය දෙසට හරවා තිබූ තරගය නැවත සියල්ල දවා ගැනීමට හැකි අන්දමේ ආක්‍රමණයකින් වෙනස් කළ හැකි පන්දු යැවීමේ බල ඇණියක් තිබෙන බව ද තහවුරු කළේය.මේ තත්ත්වය වැදගත්ය.තරග හයකින් යුතු තරගාවලියේ පළමුවැන්න නිමා කර හෙට (අප්‍රේල් 28) යළිත් සීසීසී පිටියේදීම දෙපිළ මුණ ගැසෙන විට ශ්‍රී ලංකාව 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටීම වැදගත්ය.ඒ ජය සහිතව ඉදිරියට යාමට එරෙහිව බංගලාදේශය සියළු උපක්‍රම යොදනු ඇත.ඒ නිසා ජයග්‍රහණය රැක ගැනීම ජය ගැනීමටත් වඩා අපහසු දෙයක් බව දැන සුපරික්ෂාකාරීව පළමු තරගයේදී මඟ හැරුණු දක්ෂයන්ගේ දායකත්වයද ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි සිතිය හැකිය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan