තුන් කොන් සටනේ පළමු ජය ඉන්දියාවට

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 27, කොළඹ LNW:

ශ්‍රී ලංකාව,ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සහභාගි වන තුන් කොන් තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දියා කාන්තා කණ්ඩායම සමත් වුණා.ඔවුන් අතින් කඩුලු 9 න් පරාජයට පත් වුණේ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි.තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර ඉන්දියාව එහි වාසිය තමන්ට අත් කර ගැනීමට හැකි ආකාරයට හොඳින් පන්දු යැවීම කැපී පෙණුනා.

තරගයට පෙර සිට ඉන්දියාව ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයකින් පිටියට පිවිසි බව දකින්නට ලැබුණු අතර පන්දු 18 ක් තුළ ලකුණු 7 ට සීමා කරමින් නායිකා චමරි අතපත්තු දවා ගැනීමේ සැළසුම ඒ අතර කැපී පෙණුනා.ලකුණු නැති කර පීඩනය උපද්දාලමින් පහර සඳහා යොමු කරවීමට ගත් උත්සාහ ගනිමින් දිගින් දිගටම පිට ඉන්නට පිටින් පන්දුව යොමු කරමින් චමරිව දවා ගන්නට කටයුතු කළා.


ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මෙහිදී හොඳම ඉණිම වාර්තා කිරීමට සමත් වුණේ හසිනි පෙරේරා වන අතර ඇය ලකුණු 30 ක් රැස් කරනු ලැබුවා.කවීශා දිල්හාරි (25) සහ අනුශ්කා සංජීවනි පිතිකරණයේ මැද සහ අග ශක්තිමත් කිරීමට යම් උත්සාහයක් ගත්ත ද,එය සාර්ථක කර ගන්නට අවකාශ ලැබුණේ නැහැ.ඒ අතරට මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වඩාත්ම සාර්ථක පිතිකාරිය බවට පත් වී සිටින හර්ශිතා සමරවික්‍රම දුවද්දී දැවී යාමද ශ්‍රී ලංකා ඉණිමේ දුබලකමට විශාල හේතුවක් වුණා.


වර්ෂාව නිසා පන්දු ඕවර් 50 ක ප්‍රමාණය පන්දු ඕවර් 39 අඩුවීම සහ ඒ තත්ත්වය නිසා තණතීරුවේ ස්වභාවය කරන බලපෑම පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමට බලපෑමක් ඇති කරන සුළු එකකි.ඒ පාඩු සහගත පාරිසරික තත්ත්වය සහ ඉන්දියාවට ශ්‍රී ලංකා කණ්ඩායම ගැන තිබු හැදෑරීමද ශ්‍රී ලංකා ඉණිම පන්දු ඕවර් 38.1 දී සියල්ල දැවී ලකුණු 147 ට සීමා කරන්නට හේතු වුණා.
ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා පිතිකරුවන්ට හිතකර තත්ත්වයක තණනිල්ලට පිවිසි අතර ඉන්දිය ආරම්භක පිතිකාරිණයන් දෙදෙනා වන ස්ම්‍රිති මන්දනා (43) සහ ප්‍රිටිකා රාවල් (නොදැවි 50) ආරම්භක කඩුල්ලට ලකුණු 54 ක් එක් කරන්නට සමත් වුණා.ලකුණු 54 දී එම කඩුල්ල අහිමි වීමෙන් පසුව ප්‍රිටිකා සමඟ නොදැවී සිටිමින්, හාර්ලීන් ඩියොල් ලබා ගත් නොදැවී 48 සමඟින් තරගයේ ජය තහවුරු කර ගත්තා.
ලකුණු පූවරුව
https://bit.ly/3REtELw

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...