ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමා කළ බව දන්වමින් ඒකාබද්ධ නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමා කළ බව දන්වමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් සහ දියවඩන නිලමේවරයා විසිනි
උපුටා ගැනීම.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගරු ජනාධිපතිතුමන් විසින් සිදු කරන ලද ඉල්ලීම හා ආරාධනාව අනුව වසර 16කට පසුව දිවමන් බුදුරජාණන් වහන්සේ හා සමාන වූ සුවාසු දහදසක් ධර්මස් කන්දයේ ස්පර්ශය ලද වාම ශ්‍රී දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ දැක වන්දනාමාන කර ගැනීමේ සුදුර්ලභ අවස්ථාව චිරාගත චාරිත්‍රානුකූලව සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ලබාදීමට මෙම වර්ෂයේ අප්‍රේල් මස 18 දින සිට 27 දින දක්වා පුරා දින 10ක් උදාකර දීමට කටයුතු කළෙමු. මෙම කාල පරාසය තුළ දේශීය හා විදේශීය වශයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ස්වකීය ශ්‍රද්ධාධ්‍යාශයන් වඩා වර්ධනය කර ගනිමින් බුද්ධාලම්භණ ප්‍රීතියෙන් යුතුව දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර ගැනීමට භාග්‍යවන්ත වූ බව මල්වතු අස්ගිරි උභය මහා විහාර හා ශ්‍රී දළදා මාලිගාව වෙනුවෙන් ඉමහත් සන්තෝෂයෙන් නිවේදනය කරමු.”

උපුටා ගැනීම අවසන්.

ශ්‍රී ලංකා ඉතිහාසය තුළ මෙතෙක් සිදු වූ විශාලතම මහජන ඒකරාශී වීම සනිටුහන් කළ මෙම උදාර පුණ්‍යෝත්සවයේ සාර්ථකත්වය උදෙසා දායකත්වය, අනුග්‍රහය ලබාදුන් ගරු ජනාධිපතිතුමන් ඇතුළු දේශීය, විදේශීය සියලු දෙනා වෙත දළදා සමිදුන්ගේ ආශිර්වාදයෙන් මෙම රැස්කර ගත් උදාර කුසල ශක්තියෙහි ආනුභාවයෙන් නිදුක් නීරෝගී සුවය හා චිරජීවනය සැලසේවායි ආශිංසනය කරන අතර මෙම උදාර පුණ්‍ය ශක්තිය සමස්ත ලෝවාසීන්ගේ සෞභාග්‍ය හා සුබසිද්ධිය උදෙසා හේතු වේවායි ප්‍රාර්ථනය කර සිටින බවද මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් සහ දියවඩන නිලමේවරයා නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...