නිශ්මං රණසිංහ අප්‍රේල් 29, කොළඹ LNW:
https://www.facebook.com/share/v/1BvY5JDDxP
චන්දන වික්‍රමසිංහ ලංකාව සහ ලෝකය පාහන්න හදන මනුස්සෙක්.ඔහුගේ භාවිතය දේශීය නර්තනය.හැබැයි එහි අනන්‍යතාවයන්ට හානියක් නොකර නර්තනයේ අපූරු හැඩතල ගැන වෙනස්ම හිතීමක ඔහු ඉන්න බව පේනවා.වේදිකාවේ නර්තනය හැසිරවීමේදී ඔහු දක්වන සූරත්වය ඒම අපූර්ත්වයේ ප්‍රධානම සළකුණක් ලෙස ගත හැකියි.එහි එක්තරා ආකාරයක කූටප්ප්‍රාප්තියක් වන THE NOIR QUEEN KUWENI මැයි 3 වන දා සිඳු කිරීමට නියමිතය.චන්දනම පවසනාකාරයට එදින හරියටම පස්වරු 7.00 ට කොළඹ බිෂොප් වේදිකාවේදී දිග හැරුම අරඹනු ඇත.
මේ මොහොතෙ චන්දන තවත් දැවන්තයින්, තමන්ගේ නිර්මාණය පෝෂණය කිරීම පිණිස කැඳවා ගෙන නර්තන වේදිකාවේ අලුත් අඩව්වක් අල්ලන්න හදන්නෙ.නර්ථනයට පමණක් නොවෙයි,මේ ආරංචිය ලාංකේය වේදිකාවේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන් පිපාසාවෙන් සිටින සියල්ලන්ටම උද්වේගයක් සහ උනන්දුවක් ඇති කරන සුළු කාර්යයක්.

මහාචාර්ය මුදියන්සේ දිසානායක මෙන්ම ආචාර්ය රවිබන්දු විද්‍යාපති මෙම ප්‍රාසාංගික නර්තනයේ චරිත දෙකකට පන පොවන්නේය.මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් මලය රජුටත්,ආචර්ය රවිබන්දු විද්‍යාපති පඬුවස්දෙව් රජුටත් පන පොවන මේ රංගාභිශේකයේ දෙවන පියවර දැවන්තයින්,විශිෂ්ඨයින් මෙන්ම අලුත් පරපුරේ ප්‍රතිභාසම්පන්න කලා ශිල්පීන්ගෙන් ඇසුරෙන් පොහොසත් වන්නේය.කුවේනි වන්නී නිරංජනී ෂන්මුගරාජා ය.සංගිතය විශාරද පේෂල් මනෝජ්ගෙන්ය.
කුවේනි ලාංකේය සිංහලත්වය මේ පොළව තුළ පතල කරන්නට සිය රාජ්‍ය බලය හරහා විජයට ස්විය ශක්තිය පතුරවා හරින්නට ඉඩ හළ චරිතයය.එසේම කොහොඹකංකාරිය නම් ඉන්දියානු ආභාෂය සහිතව අපට උරුම වුණ ඒම අභිචාර විධි ක්‍රමය කලානුරූපී නර්ත විලාශයන්ගෙන් පොහොසත් කර ඉදිරිපත් කිරීමේදී එයට කුවේණි අස්න ද ඇතුළත්ය.කංකාරිමය සම්ප්‍රදාය මත පදනම්ව ඒහි අර්ථයට හානි නොවන සේ ඉදිරිපත් කිරීමේ විධි ක්‍රමවලින් නූතණත්වය සුරැකෙන චන්දනගේ කංකාරිය එක් අතකට මුද්‍රා නාටකයක් විය හැකිය.ඒය එසේ කිවත් කංකාරිමය සම්ප්‍රදාය සහ නූතණත්වය පාහන නව ප්‍රවේශය හඳුනාගන්නට අලුත් වචනයක් සොයා ගත යුතුව ඇතැයි හැඟෙන්නේ එය තව තවත් අපේකමට හෘදයාංගම කර ගැනීමට එය ඉවහල් වනු ඇතැයි හැඟෙන බැවිනි.

ඉතිහාසයේ කුවේණිගේ සාපය ගැන විග්‍රහ වෙන සම්ප්‍රදායික සංස්කෘතිකාංග අතර කුවේණිට වූ සාපය යටපත්ව විග්‍රහයට නොගැනෙන්නේ සමහර විට ස්වීය හෘද සාක්ෂියේ ඇති සිංහල අදහස විසින් එයට පනවන බාධාවන් නිසා විය හැකිය.මේ මහා සිංහලකමේ සම්ප්‍රදායෙන් කුවේණිට වූ අසාධාරණය ශරීරයේ අපූර්ව චලන රේඛාවන්ගෙන් චන්දන කතා කරනවා ද කියා කියන්නට අප තවම නොදනිමු.මේ වන විට ප්‍රචාරය වන රූපමය චලනයන් කියා පාන්නේ එය තාක්ෂණය සමඟ මුසුව ඇඳෙන අපූර්ව නර්තන චලන සිත්තමක් හැටියටය.එහෙත් චන්දන අගය කළ යුතු දේ ශිල්පීන් තෝරා ගන්නා තැන සිටම සිඳු කර ඇති අයුරු අපූරුය.
මහැදුරු මුදියන්සේ මෙන්ම ආචාර්ය රවිබන්දු වැන්නන් ස්වීය නර්තන අධ්‍යක්ෂණය යටතේ මෙහෙයවීමේ භාරදූරත්වය මෙන්ම ඔවුන්ගේන ලැබෙන නර්තන දැණුමේ අභාෂයද උපදේශයද මේ වැඩේ තවත් ඔපවත් කරන ශ්‍රමයන් වනු නිසැකය.එසේම මහා සිංහල සම්ප්‍රදායේ සංස්කෘතිකාංග ලෙස මේ ඉන්දියානු ආභාෂිත කොහොඹ කංකාරිය ඇතුළු නර්තන සහ ශාන්තිකර්ම කොටු කර සිතන බහුතර සිංහල නර්තන සමාජය මත චන්දන කුවේණිය හැටියට නිරංජනී ගේන ඒ්ම ද අගය කළ යුතු වැඩක්ය.

ශරීරය මට සිළුටු දැය වැටුණු මඩ අහුරක් සේ ඒ් මේ අතර නවමින් ගොඩ නඟන හැජතලවල අපූර්වත්වය වේදිකාව මත ඇතිරීම මීට පෙර කුවේණි නමින් නෙළුම් පොකුණ රඟහලේදී කර ඇත.ඉනික්බිති මහා දැවන්තයන් එකතු කර ගෙන චන්දන මේ පෙළහර පාන්නේ 30 ක් වැනි නර්තන ශිල්පීන් ප්‍රමාණයකින්ය.ඒ් මේ වන විටත් ලෝකයේ නන් දෙසින් එයට ලැබෙන ඉල්ලුම ඉටු කරන්න සංචාරයේදී ගොඩ නැඟෙන බාධාවන් අවම කර ගැනීමටය.

ලොව පුරා අපේ කමේ අලංකාරවත් මානව ශරීරයේ චලනයන් රැඟෙන යන THE NOIR QUEEN KUWENI ලංකේය නර්ථන සම්ප්‍රදායේ අපූරුම පෙළ ගැස්මක්,ඉදිරිපත් කිරීමක් වනු ඇත.එය නරඹන්න මැයි 3 වන දා පස්වරු 7.00 පහුව,තත්ත්පරයක්වත් ගෙවෙන්න නොදී හරියටම 7 වන විට බිෂොප් රඟහලේ අසුන් ගෙන සිටිය හැකිනම් එය නරඹන්නාට සෑම අතින්ම පහසුවක් වනු ඇත.
