අපේ සමහර මන්ත්‍රීලාගේ ප්‍රකාශවල ගැටලුවක් තිබෙනවා. හැබැයි ආණ්ඩුව පච කියනවා කියා තක්සේරු කිරීම වැරදියි – ඇමති මහින්ද

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ පිළිබඳ ඇත්ත ගැටලුවක් පවතින බවත් ඇතැම් ප්‍රකාශ කිරීමේදී ඊට මූලාශ්‍ර වශයෙන් සමාජ මාධ්‍ය භාවිතා කිරීම හේතුවෙන් මේ ගැටලු උද්ගතව ඇති බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

“ඇත්තටම මෙහෙමයි … ඔය හතර පස්දෙනෙක් කියන්නේ …. අපි සමහර ප්‍රකාශ කරද්දී මොවුන් මේ පච කියන එකට යොදාගෙන තියෙන ප්‍රධාන සාධකය තමයි අපේ සමහර මන්ත්‍රීවරුන්ගේ යම් යම් කරන ලද ප්‍රකාශ. ඉතින් ඒ ප්‍රකාශ ඔස්සේ ආණ්ඩුව බොරු කරනවාද, පච කියනවාද කියන එකත් තක්සේරු කරන එකම වැරදියි. ඉතින් ඒ සමහර ප්‍රකාශ පිළිබඳ ඇත්ත ගැටලුවක් තිබෙනවා. මොකද අපි සමහර ප්‍රකාශ කරන්න මූලාශ්‍ර ලෙස සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා නම් මම හිතනවා ඒක එතරම් සුදුසු දෙයක් නෙවෙයි. ඒ ඔස්සේ තමයි මේ යම් ගැටලුකාරී තත්වයක් මතුවෙලා තිබෙන්නෙ. ඉතින් අපි ඒවාත් ඉදිරියේදී නිවැරදි කරගෙන ඉදිරියට යමු”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 30) කොළඹ ගෝල්ෆේස් පිටියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...