ව්‍යාජ ප්‍රකාශයක් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

0
1029

රෂිකා හෙන්නායක

පොලී ආදායම මත රඳවා ගැනීමේ බදු අඩු කිරීම සම්බන්ධයෙන් සංසරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත. 

පොලී මත රඳවා ගැනීමේ බද්දට යටත් වන නමුත් බදු අයකළ හැකි ආදායමක් නොමැති පුද්ගලයින් බැංකු හා මූල්‍ය ආයතන වෙත අදාළ ස්වයං ප්‍රකාශනය භාරදීමේ අවසාන දිනය ඊයේ දිනය බවට ව්‍යාජ ප්‍රකාශයක් සංසරණය වෙමින් ඇති බව එහි දැක්වේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ එවැනි අවසාන දිනයක් නියම කර නොමැති බවයි. 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාළ තැන්පතු සඳහා පොලී ගෙවීම් ලැබීමට පෙර ප්‍රකාශය අඩු කිරීමෙන් නිදහස් කිරීම ඉල්ලා සිටීම ඉදිරිපත් කළ යුතුයි. මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් හෙවත් ටින් අංකයක් අවශ්‍ය නොවන බවයි .