මියගිය සරසවි සිසුවාගේ සිද්ධිය ගැන පොලිස් විමර්ශන ඇරඹේ!

රෂිකා හෙන්නායක

23 හැවිරිදි චරිත් දිල්ශාන් නැමැති, සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික මනතුංග මහතා පවසයි. 

මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අදාළ සිසුවාට නවක වදය ලබා දී ඇතැයි සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ,  මරණයට පත්වූ සිසුවා සමග නවක වදයට ලක්වූ තවත් සිසුන් සිටී නම් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින් මූලික විමර්ශන ආරම්භ කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...