පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු මත්ද්‍රව්‍ය සමග STF අත්අඩංගුවට!

Date:

මෙවර පළාත් පාලන මැතිවරණයට පානදුර නගර සභාවට තරග කරන අපේක්ෂකයෙකු රුපියල් ලක්ෂ 13 කට  අධික වටිනා මත්ද්‍රව්‍ය සමග  අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අළුබෝමුල්ල පොලිසිය සඳහන් කර සිටියේ, එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 102 ක් හොරයින් මත්කුඩු ගෑම් 6 කට අධික ප්‍රමාණයක් මෙන්ම ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් මෙම සැකකරු33 හැවිරිදි අළුබෝමුල්ල  පදිංචිකරුවෙකි.

ඉකුත් 28 වෙනි දින රාත්‍රී පානදුර මාලමුල්ල පින්වල රණවිරු හේමන්ත පෙරේරා මාවත නිවසක පැවැති කොටහළු උත්සවයක් අතරතුරදී විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුර නිලංගන මැත්තාගේ මස්සිනා ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක් වීමේ සිද්ධියත් සමඟම  එම ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශය ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට යොදවා තර කර තිබිණි.

ඊට සමගාමීව අරුක්ගොඩ  ප්‍රදේශයේ   පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පොලිස් මාර්ග බාධකයක්ද යොදවා සැක කටයුතු වාහන පරීක්ෂාවේ යෙදීී සිටියදී පානදුර දෙසට යාමට පැමිණි යතුරුපැදියක් නවතා පරික්ෂා කිරීමේදී සැකකරුගේ හැසිරීම් රටාව සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඔහුව පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට හැකි වී ඇත.

අනතුරුව එම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී ඔහු මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පානදුර නගර සභාවට පොදු ජන එක්සත් පෙරමුණෙන් පුටුව ලකුණින් තරග කරන අපේක්ෂක යෙකු බවට වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන පානදුර කුඩු සළිඳුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක්ද ? එසේ නොමැති නම් පානදුර නිලංග නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට පුද්ගලයෙක් ද ? එසේත් නොමැති නම් වෙනත් පාර්ශවයකට සම්බන්ධ අයෙක්ද ? යන්න හා එම ජාලයට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හා තවත් මත්ද්‍රව්‍ය තොග තිබේද ? යන්න  සොයා සැකකරුට එරෙහිව අධිකරණයේ රැඳයුම් නියෝග ලබාගෙන  රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...

වැරදි කළ අයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වර්තමානය වනවිට රට...