ඡන්ද අපේක්‍ෂකයින්ගේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වැඩි වෙලා:පැය 24ක් ඇතුළත 05ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක

අද උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළ, මැතිවරණ නීති උල්ලංඝණය කළ සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයින් 05 දෙනෙකු සහ ආධාරකරුවන් 22කු ඒ අතර වන බවයි. ඉකුත් පැය 24 තුළ මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 08ක් ලැබී ඇති බවද පොලීසිය පැවසීය. 

මේ අතර පසුගිය මාර්තු මස 03 වනදා සිට අද උදෑසන 06 දක්වා ගතවූ මාස දෙකක කාලසීමාව තුළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අපරාධමය පැමිණිලි 109ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 415ක් පොලීසිය වෙත ලැබී තිබෙන බව පැවසේ. 

එම කාලසීමාව තුළ අපේක්‍ෂකයින් 43 දෙනෙකු සහ ආධාරකරුවන් 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 41ක් බවද වාර්තා වේ.

   
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...