පාකිස්ථානයේ ණය ගිවිසුම් නැවත ඇගයීමට ලක් කරන ලෙස ඉන්දියාව IMF එකෙන් ඉල්ලයි!

Date:

රෂිකා හෙන්නායක

ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ, පාකිස්ථානයට ලබා දෙන ණය සහ ප්‍රදාන, සමාලෝචනය කරන ලෙසයි.

ඒ, කාශ්මීරයේ පහල්ගම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙරට අතර උත්සන්න වෙමින් පවතින නොසන්සුන් වාතාවරණය මධ්‍යයේයි. 

ඉන්දියාව පවසා ඇත්තේ, පකිස්ථානයට මුදල් ලබා දීම තුළින් ත්‍රස්තවාදය පෝෂණය වන බවයි. මේ අතර පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් වෙත ඉන්දියාවේදී ප්‍රවේශ වීමද අවහිර කර තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, බාබර් අසාම්, මෙහොමඩ් රිස්වාන් වැනි වර්තමාන පකිස්ථාන කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් මෙන්ම වසීම් අක්‍රම් සහ ඉම්රාන් ඛාන් වැනි ක්‍රීඩකයන් රැසකගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම්වලට ප්‍රවේශවීම එලෙස අත්හිටුවා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...