අනුර දැන් තනිවෙලා.වල් අලි එළවන්න සීපද කියන තැනට වැටිලා ඉවරයි – මුජිබර් (VIDEO)

Date:

කොළඹ LNW:මහා සෙනගක් සිටියද ජනාධිපතිවරයා තනි වී සිටින අතර ඔහු දැන් හේනේ තනි වී වල් අලි එළවන්න සීපද කියන තැනට වැටී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

ඒ, අද (03) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

ජනාධිපතිවරයා පැවසූ අන්දමට දැන් ඔහුට අභියෝගය ඇත්තේ පක්ෂය අභ්‍යන්තරයෙන්ම බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

එසේ වී ඇත්තේ මෙතෙක් කල් ගොඩනැගූ දේශපාලන ව්‍යාපාරයේ මතවාදයට එරෙහිව බලයට පත්වූ පසු ක්‍රියාත්මක වෙමින් සිටින හෙයින් යැයි රහුමාන් මහතා සඳහන් කළේය.

සමාජවාදය හදනවා,ධනපති පන්තිය විනාශ කරනවා,නිර්දන පන්තියේ ආඥාදායකත්වය හදනවා යනුවෙන් මතය හැදුවද එය දැන් සිදු නොවන අතර ජවිපෙ පාක්ෂිකයන් රවටා ඇති බවටයි සමඟි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

දෑ කැත්ත සහ මිටිය වෙනුවට IMF ඇදුම් ඇඳ ගත්විට ජනාධිපතිවරයාට එරෙහිව කැරැල්ල පක්ෂය අභ්‍යන්තරයෙන්ම පැමිණෙන බව රහුමාන් මහතා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...