දකුණේ තවත් වෙඩිතැබීමක්. අයෙක් මරුට. තවත් අයෙකුට තුවාල !

සටහන – රුවන් නෙළුගොල්ල

මීටියාගොඩ ප්‍රදේශයේදී ඊයේ (මැයි 03) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ සිදුවූ මෙම වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් ඇති අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් T56 ගිනිඅවියක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...