ජනපති අනුර වියට්නාමයට ගොඩබසී

0
508

සටහන – රුවන් නෙළුගොල්ල

තෙදින නිල සංචාරයක් සඳහා වියට්නාමය බලා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (මැයි 04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ තිබේ.

නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රි ලංකා ජනාධිපතිවරයා සහ දූත පිරිස වියට්නාම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නූයෙන් මන් කුඕං, ජනවාර්ගික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නොං ති හා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබිණි.

ශ්‍රී ලාංකික ජනාධිපතිවරයකු මෙසේ වියට්නාමයට පැමිණ ඇත්තේ වසර 16 කට පසුව ය.