අපරාධ රැසකට සම්භන්ධ “ලොකු පැටී”දිවයිනට!

0
537

රෂිකා හෙන්නායක

සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “ලොකු පැටී” නැමැත්තා දිවයිනට රැගෙනවිත් තිබෙන බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින්, අද උදෑසන 7.43ට පමණ ඩුබයි සිට පැමිණි ගුවන් යානයකින් එම සැකකරු මෙරටට රැගෙන ආ බව වාර්තා වේ.

බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන සිටි ලොකු පැටී නැමැත්තා මෙරටට රැගෙන ඒම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඉකුත් දා එරට බලා පිටත්ව ගිය බව වාර්තා වුණි.