සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 11කට පන්ති තහනමක්

0
495

සටහන – රුවන් නෙළුගොල්ල

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

නවක වද සිද්ධියකින් පසු සිසුවෙකු මියයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් තුන්වන වසරේ සිසුන් 4 දෙනෙකු ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු මෙසේ අත්හිටුවා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා දිනයේදී අත් අඩංගුවට ගත් සිසුන් 4 දෙනා ඊයේ (මැයි 05) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව එම විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ තවත් සිසුන් 4 දෙනෙකු ඊයේ දිනයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන්ව අද (මැයි 06) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.