නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වෙයි!

Date:

කොළඹ LNW:චීනයේ Guangzhou නගරයේ පැවති 137 වැනි කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය නව ඓතිහාසික වාර්තා සමගින් ඊයේ (5) සාර්ථකව අවසන් වුණා. මෙවර ප්‍රදර්ශනයේදී විදෙස් ගැණුම්කරුවන්ගේ සංඛ්‍යාව හා ප්‍රදර්ශනයේදී ගිවිසුම්ගත අපේක්ෂිත අපනයන ප්‍රමාණය වාර්තාගත වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

පසුගිය 4 වනදා වනවිට රටවල් හා කලාප 219කින් විදෙස් ගැණුම්කරුවන් ලක්ෂ 2.889ක පිරිසක් ඒ සඳහා එක්ව සිටියා. එම සංඛ්‍යාව පසුගිය වසරේ කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනයට සාපේක්ෂව සියයට 17.3ක වැඩි වීමක්. ප්‍රදර්ශනයේදී ගිවිසුම්ගත අපේක්ෂිත අපනයන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 25.44කි. එය පසුගිය ප්‍රදර්ශනය හා සැසඳීමේදී සියයට 3කින් වැඩි වී තිබෙනවා.

මෙවර ප්‍රදර්ශනයේදී “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල ගැණුම්කරුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 1.875ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 17.4ක වැඩි වීමක් පෙන්නුම් කර තිබෙනවා.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...