ගම මට්ටමේ අලුත් නායකයින් තවානක් දාලා තියෙන්නේ.ලොවෙත් නැති වෙන්න අපි වැඩ කරනවා – බිමල් (VIDEO)

කොළඹ LNW:”දස දහස් ගණන් අලුත් දක්ෂ ගම් මට්ටමේ නායකයින් තවානක් දාලා තියෙනවා. ඒගොල්ලෝ ලොවෙත් නැති වෙන්න වැඩකරනවා ඒ නිසා ආයේ නො චාන්ස්” යනුවෙන් අද (07) පෙරවරුවේ ජාතික ජන බලවේගය විසින් කැඳවා තිබුණු මධ්‍ය හමුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේය.

ඇතැම් ප්‍රාදේශීය සභා පිහිටුවීමේදී සම්පූර්ණ නොවුණු මන්ත්‍රීධුර වෙනුවෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කණ්ඩායම් සමාඟ එක්ව සභා පිහිටුවීමේ බලාපොරොත්තුවක් නැති අතර එලෙස ජනතාව ප්‍රතික්ෂේප නොවුණු පිරිස් සමඟ ඉදිරියට යාමට උත්සහ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”සජබය හේදිලා ගිහින් තියෙනවා. පොහොට්ටුව සභා 226ක බලය තිබුණ පක්ෂයක් තමයි අන්තිම පහළට වැටිලා තියෙන්නේ. ඕකත් ඉවර වෙනවා අපි මේ සභා ටික කළාම. අපේ මන්ත්‍රීවරු ගම් මට්ටමින් ප්‍රසිද්ධ තහවුරු වුණු අය නෙවෙයි අති බහුතරය අලුත් අය. ඒගොල්ලන්ට අවුරුදු හතරක් තියෙනවා ගමේ වැඩ කරන්න. ලොවෙත් නැති වෙන්න වැඩ කරනවා. දැන් මෙතන තියෙන්නේ අනෙකාගේ පරාජයෙන් සතුටු වෙන්න නෙවෙයි දැන් නාමල්ලා බලන්න ඕනේ සජිත්ලා බලන්න ඕනේ මොකද වුණේ කියල. එක්සත් ජාතික පක්ෂය බලන්න කොළඹ මහ නගර සභාව, සජබ බලන්න කොළඹ මහ නගර සභාව. ඒගොල්ලෝ පරදින බව දන්නවා. නැත්නම් කලින් සැරේ මුජිබර් රහුමාන් ඉල්ලා අස්වෙලා තමයි ජන්දෙට ගියේ. මේ සැරේ කවුද ඉල්ලුවේ. රට දන්නෙත් නැහැ සජබ දන්නෙත් නැහැ. කිසිම නගර සභාවක් එක්සත් ජාතික පක්ෂය හෝ සජබ ජයග්‍රහණය කරලා නැහැ. ලංකා ඉතිහාසයේ පළමු වතාවට. පොහොට්ටුවට තංගල්ල,වීරකැටියට මොකද වෙලා තියෙන්නේ. රාජපක්ෂගේ මර්මස්ථාන.” යනුවෙන් බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...