එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදය අතර නව වෙළඳ ගිවිසුමක්;බදු අඩු කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් විසින් ආනයනික මෝටර් රථ හා වානේ සහ ඇලුමිනියම් කිහිපයක් වෙනුවෙන් පනවා තිබු 25% ආනයනික බද්ද 10 % දක්වා අඩු කිරීමට නව වෙළඳ ගිවිසුමක් ඇතිකරගෙන් ඇති බව වාර්තා වේ.

මෙම ගිවිසුම මගින් පසුගිය මාසයේ මුලදී එක්සත් රාජධානියේ භාණ්ඩ ආනයනය සඳහා පනවන ලද ජනාධිපතිවරයාගේ සියයට 10 ක මූලික බද්ද ක්‍රියාත්මක වන අතර ජනාධිපති ට්‍රම්ප් පසුගිය මාසයේ 25% කින් ඉහළ දැමූ මෝටර් රථ සඳහා ආනයන බද්ද වසරකට මෝටර් රථ 100,000 කට 10% දක්වා අඩු කිරීමට ඇමරිකා එක්සත් ජනපදය එකඟ වී ඇති අතර එය ජගුවාර් ලෑන්ඩ් රෝවර් සහ රෝල්ස් රොයිස් වැනි සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයින්ට සහනයක් වනු ඇත.

මෙම තීරණය එක්සත් රාජධානියේ ප්‍රධාන කර්මාන්ත සඳහා සහනයක් වන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය කීර් ස්ටාම ප්‍රකශ කර තිබුණේ, එක්සත් රාජධානියට එක්සත් ජනපදයට වඩා විශාල සගයෙකු නොමැති බවත්, මෙම ඓතිහාසික ගනුදෙනුව බ්‍රිතාන්‍ය ව්‍යාපාර සහ බ්‍රිතාන්‍ය කම්කරුවන්ට මෝටර් රථ නිෂ්පාදනය සහ වානේ ඇතුළු ප්‍රධාන අංශවල බ්‍රිතාන්‍ය රැකියා දහස් ගණනක් ආරක්ෂා කරණු ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)

කොළඹ LNW:ජාත්‍යන්තර සිරකරු දිනය සමරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව...

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...