ක්‍රීඩාව සැවොම එක් කරයි: යුද්ධය සියල්ල බෙදා වෙන් කරයි!

Date:

රෂිකා හෙන්නායක

ඉන්දියාව සහ පාකිස්ථාන අතර මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අඛණ්ඩව පවත් වනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ඉන්දීය රජයේ නියෝග බලාපොරොත්තුවෙන් සිටින බව තරගාවලි සංවිධායකයින් පවසයි.

එතෙක් තරගාවලිය නියමිත පරිදි ක්‍රියාත්මක වන බව, IPL තරගාවලි සභාපති අරුන් දුමාල් පවසා ඇත.

මේ අතර ධරම්සාලාහී ඊයේ පැවති IPL තරගාවලියේ පංජාප් කින්ග්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය අතරමඟ අත්හැර දැමීමට සිදු විය.

ඒ, තාක්ෂණික දෝෂයක් හේතුවෙන්. ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයේ විදුලිය ඇණ හිටීමකින් පසු ක්‍රීඩාංගණයේ එක් ආලෝක කුළුණක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් එලෙස තරගය අත්හැර දැමිණි.
 

තවද, පාකිස්ථාන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග 08 එක්සත් අරාබි එමිර් රජ්‍යයේදී පැවැත්වීමට පාකිස්ථාන කිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

 ඒ, ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින උණුසුම් වාතාවරණය සැලකිල්ලට ගනිමින් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

ශ්‍රී ලංකාවේ පළමු ප්ලාස්ටික් පරීක්ෂණාගාරය විවෘත වේ….

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : GP Certified විසින්...

ගනේමුල්ල සංජීව ඝාතනය: සැකකාර නීතිඥවරිය ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට...

බන්ධනාගාර ගත කරන්න තරම් සාක්ෂි නෑ.බැකෝ සමන්ගේ බිරිඳට ඇප!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...