නිශ්මං රණසිංහ මැයි 09, කොළඹ LNW:
පිත්තෙන් ලකුණු 74 ක් සහ පන්දුවෙන් කඩුලු ත්‍රිත්වයක් සමඟ ලකුණු 34 ට කඩුලු 5 ක් දවා ගත් චොලේ ට්‍රයොන් සර්වෝ තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ඔවුන් සතුයු එකම ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුණා.ඒ ලකුණු 76 න් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින්.
එසේම සිය තුන්වන එක්දින තරගයට ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩිකා දෙව්මි විහංගා මේ තරගාවලියේ තමන් ඉදිරියේ සටහන් වන නව වන කඩුල්ල මේ තරගයේදි අත් කර ගත්තේ ලකුණු 43 ට කඩුලු 5 ක් දවා ගනිමින්.එසේම ඇය පිත්තෙන්ද දැවන්ත හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් පන්දු 16 දී ලකුණු 16 ක් රැස් කරන්නට සමත් වුණා.

මේ තරගයට තුන් කොන් තරගාවලියේ දී මේ දක්වා ශ්‍රී ලංකාවට හොඳ දායකත්වයක් ලබා දුන් කවීශා දිල්හාරි සහ ඉනෝකා රණවීර වෙනුවට මනුදි නානායක්කාර සහ ඉනෝෂි ප්‍රනාන්දු කැඳවා තිබුණා.මල්කි මධාරා මේ තරගයේදී ද තමන් සතු සුවිශේෂී වේගයෙන් පිතිකාරිණියන් පාලනය කිරීමට වඩා වේගය අඩාල කර පන්දු යොමු කිරීමට උත්සාහ කළා.ඒ නිසාම ඇයට මේ තරගයේදී පන්දු ඕවර් 7 දී කඩුලු නොලබා ලකුණු 59 ක් ලබන්නට සිඳු වුණා.දකුණු අප්‍රිකා ඉණිමේ වේගවත්ම සහ ඉහළම සබඳතාවය පැවත් වූ ට්‍රෙයොන් (74) සහ ඈන්එරි ඩර්ක්සෙන් ලකුණු 112 ක වේගවත් ලකුණු සබඳතාවයක් පවත්වමින් සිටින මොහොතේ පන්දු යැවීමට කැඳ වූ මනුදි,පන්දු ඕවර් 4 දී ලකුණු 40 ක් ලබා දුන්නද ඈන්එරීගේ කඩුල්ල දවා ගන්නට සමත් වුණා.කඩුලු 2 ක් දවා ගත්ත ද චමරි පන්දු ඒවර් 10 ම යවමින් ලකුණු 70 ක් ලබා දීම ද දකුණු අප්‍රිකාවට කඩුලු 9 ට ලකුණු 315 ක් කරා යන්නට හේතු වූවා.

ශ්‍රී ලංකා ඉණිමේ ආරම්භය අසතුටුදායක වුණේ නැහැ.විශ්මි මදක් මන්දගාමී වුව ද,ඇයත් ලකුණු 24 ක් ලැබුවා.එසේම හසිනි පෙරේරා නැවතත් වේගවත් ලකුණු 30 ක් ලැබූ අතර හර්ෂිතා ද ලකුණු 33 ක් එක් කළා.ඊණිමේ නොදැවී දියත් කළ වේගවත්ම ඉණිම වූ අනුෂ්කා සංජීවනීගේ ඉණිම තරගය නිමා වන විට පන්දු 32 දී නොදැවී ලැබූ ලකුණු 43 ක් ලෙස සටහන් වුණා.ට්‍රොයොන් සිය කඩුලු ත්‍රීත්වය ලෙස දෙව්මිගෙන් පටන් ගෙන සුගන්ධිකා කුමාරිගෛන්,මල්කි මධාරා දක්වා පැමිණ ලබා ගත් කඩුලු ත්‍රිත්වය නොවන්නට පැහැදිළිව මීට වඩා ඉහළ ලකුණු පූවරුවකට ශ්‍රී ලංකාවට යා හැකිව තිබුණා.ඒ ගමන නැවත් වූ ට්‍රොයෝන් තරගයේ ීරවරිය ලෙස ඇගයුමට පාත්‍ර වුණා.
මේ වන විටත් අවසාන තරගයට පිවිසීම සහතික කරගෙන සිටින ශ්‍රී ලංකාවට සුබදායකම සිඳුවීම වාර්තා කළේ චමරි අතපත්තුයි.පිතිකරණ පෙළගැස්මේ අංක 4 දක්වා පහළට පැමිණ සිටින ඇය මේ තරගයේදී ලකුණු අතරට එමින් හයේ සහ හතරේ පහර 3 බැඟින් එකතු කළ ලකුණු 52 ක් ලැබීම අවසාන තරගයට පිවිසෙන් විට ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර ශක්තියක් එකතු වීම මෙන්ම ඉන්දියාවට අමතර පීඩනයක් ඇති කිරීමක් ද වනු ඇත.
ලකුණු පූවරුවට → https://bit.ly/4damTLd
