ඩෙංගු මාරාන්තිකයි. පැය 24කට වඩා උණ තිබේ නම් අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය සුදත්

Date:

රට තුළ ඩෙංගු වසංගත තත්වයක් පැතිර යන බැවින් ඕනෑම කෙනෙකුට පැය 24කට වඩා උණ තත්වයක් පවතින්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කරයි.

“ඩෙංගු රෝගය හැදුණොත් ඕනෑම කෙනෙකුට ඒක මාරාන්තික වෙන්න පුළුවන්, ඒ අවදානම තියෙනවා. එයින් ගැළවීම සඳහා අවශ්‍ය කරන කටයුතු අපි සිදුකරන්න ඕනෙ. එතනින් වැදගත්ම දේ තමයි නිසි කලට වෛද්‍ය උපදෙස් ලබාගැනීම.

අපේ වෛද්‍යවරුන් මේ අවස්ථාවේ වර්තමානයේ පවතින වසංගතයත් එක්ක අත්දකින දෙයක් තමයි රෝගය උත්සන්න වීම. එහෙම නැත්නම් මේ රක්තපාත තත්වයට පත්වීම, කම්පන තත්වයට පත්වීමට තියෙන හැකියාව වෙනදාට වඩා ඉක්මනින් සිදුවෙනවා කියන එක. මීට කලින් අපි උපදෙස් දුන්නා දවස් තුනකට වඩා උණ තියෙනවා නම් රුධිර පරීක්ෂාවක් කරගන්න ඕනෙ කියලා. නමුත් මේ අවස්ථාවේදී ඉතාමත් වැදගත්, ඒ වගේම පැහැදිලිවම කියන්න ඕනෙ යම්කිසි කෙනෙකුට පැය 24කට වඩා උණ තියෙනවා නම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න ඕනෙ. එහෙම වෛද්‍ය උපදෙස් ලබාගෙන විශේෂයෙන්ම ඩෙංගුද කියලා සැකකරලා, ඒ සඳහා අවශ්‍ය විශේෂිත පරීක්ෂණ හෝ රුධිර සෛල පරීක්ෂාව කරගන්න ඕනෙ. ඒ තුළින් රුධිර පට්ටිකා ප්‍රමාණය පිළිබඳ ගණනය කිරීමක් කරලා මේ ඩෙංගු රෝගයද තියෙන්නෙ, එය අවදානම් තත්වයකද තියෙන්නෙ කියලා හඳුනාගන්න පුළුවන්.

ඉතින් මරණ සංඛ්‍යාව අඩුයි කියලා කිසිම කෙනෙකුට කිසිම විදියකින් සැහැල්ලු වෙන්න බෑ, මොකද ඕනෙම කෙනෙකුට මේක යම්කිසි විදියකින් දරුණු තත්වයට පත්වෙන්න පුළුවන්.

ඊළඟ දේ තමයි කෙනෙකුට උණ තියෙනවා ඒගොල්ලො විශේෂයෙන්ම විවේක ගන්න ඕනෙ. මහන්සි වෙන්න හොඳ නෑ. සුළු උණක් ආවත් සමහර අය ඒක නොසලකා හැරලා වැඩ කරන්න පුළුවන්. අපි දැකලා තියෙනවා ඒ වගේ අවස්ථාවල තමා මේ රෝග තත්වය උත්සන්න වෙන්නෙ. එනිසා හොඳට විවේක ගන්න ඕනෙ. හොඳට දියර පානය කරන්න ඕනෙ, විජලනය වෙන්නෙ නැතුව. පැය 24කට වඩා උණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න ඕනෙ”

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව පැවසුවේ අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ක්‍රියාවලියට ආණ්ඩුවේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් – ග්‍රාම නිලධාරීන්ගෙන් චෝදනා !

ආපදා සහන කටයුතු පවත්වාගෙන යාමේදී වත්මන් රජයේ ඇතැම් දේශපාලනඥයින්ගෙන්...

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...