ආර්ථිකය ගොඩගන්නේ කොහොමද ? : රැකියා වියුක්තිය ගැන බය හිතෙන වාර්තාවක්

Date:

රැකියාවක නිරත විය හැකි වයසේ සිටින මෙරට කාන්තාවන් අතරින් ලක්ෂ 65කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රිය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ “2024 ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාව” මගින් අනාවරණය වී තිබේ.

එම කාන්තාවන් ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් 71.1% ක් වන අතර ඔවුන්ට රැකියාවක් කිරීමට හෝ රැකියාවක් සෙවීමට බලාපොරොත්තුවක් නොමැති බවත් එම වාර්තාවෙහි දක්වා ඇත.

එමෙන්ම රැකියාවක නිරත විය හැකි වයසේ පසුවන මෙරට පිරිමින් අතරින් ලක්ෂ 26 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රියව පසුවෙති.

ඒ අනුව මෙරට ආර්ථික වශයෙන් අක්‍රිය සමස්ත ජනගහණය ලක්ෂ 92.3ක් වන අතර ඔවුන්ගෙන් මෙරට ශ්‍රම බලකායට කිසිදු සහභාගීත්වයක් නොලැබේ.

2023 වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහණය ලක්ෂ 88.9ක් වූ අතර 2024 වසරේදී එය 334,001 කින් ඉහළ ගොස් ඇත.

2023 වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රිය කාන්තාවන් ප්‍රමාණය ලක්ෂ 63.7ක් වූ අතර 2024 වසරේදී එම සංඛ්‍යාව 185,398 කින් ඉහළ ගොස් තිබේ. 2023 වසරේදී ආර්ථික වශයෙන් අක්‍රිය පිරිමි පුද්ගලයින් ප්‍රමාණය ලක්ෂ 25.2ක් වූ අතර 2024 වසරේදී එය 148,602 කින් ඉහළ නැග ඇති බවයි ඉහත වාර්තාවෙන් දැක්වෙන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...