අඩි 50ක ප්‍රපාතයකට පෙරළී ගිය කැබ් රථය!

රෂිකා හෙන්නායක මැයි 16, කොළඹ LNW :

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේදී අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළී අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වේ.

හැටන් පොලිසිය පැවසුවේ අනතුරින් එම කැබ් රථයේ රියදුරා සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි. අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ සිව් දෙනෙකු ගමන් කර තිබෙන බව සඳහන් වේ.

හැටන් ප්‍රදේශයේ ජනපද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවල අලිගැටපේර මිලදීගෙන ඒවා අලෙවි කිරීම සඳහා කොළඹ දක්වා ප්‍රවාහනය කරන අතරතුර මෙම අනතුර සිදුව ඇති බවත්, කැබ් රථය ධාවනය වෙමින් තිබියදී හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන එලෙස අනතුර සිදු වී ඇති බව සිදු කළ පරික්‍ෂණවලදී අනාවරණ වූ බව හැටන් පොලීසිය පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...