මේ තීරණාත්මක මොහොතේ ප්‍රචණ්ඩත්වයට නැඹුරු නොවී සන්සුන් වන්න – නීතීඥ සංගමය ඉල්ලයි

Date:

මේ තීරණාත්මක මොහොතේදී ප්‍රචණ්ඩත්වයට නැඹුරු නොවී සන්සුන්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එම සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සඳහන් කළේ සියලුම දෙනා ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු අතර ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැළුණු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

“ගාලු මුවදොරදී වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතුයි. ඒ සිද්ධියට වගකිවයුතු අය නීතිය හමුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය සියලු උත්සාහයන් නීතීඥ සංගමය ගන්නවා ඒ පුද්ගලයින් නීතිය හමුවට ගේන්න. ඒ වගේම සියලුම අය ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකිය යුතුයි. පුද්ගලයින්ට හිංසා කරන එක, තුවාල කරන එක, පොදු දේපළ හා පෞද්ගලික දේපළවලට හානි කරන එක සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක්. ඒවා කිසිසේත්ම අනුමත කරන්න බෑ. ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ පුද්ගලයින්ට හිංසා කරන, දේපළ හානි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීතීඥ සංගමය සම්පූර්ණ සහාය දෙනවා ඒ අයට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර්...

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාවට මාස 20ක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාවේ බලයෙන්...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...