මහින්දගේ වශී බෝලය රනිල්ට දීලා ….

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දවසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව බලන්න ගියපු බව අපි මීට කලින් පුවතකින් වාර්තා කළා.

රනිල් විජේරාම නිල නිවසට ගිහින් තිබුණේ පාදයක සැත්කමකට ලක්වෙලා සුවය ලබමින් හිටපු මහින්දව බලන්න.

මහින්ද රාජපක්ෂ ඉස්සර ජනතාව ඉදිරියට එද්දී නිතර අතේ තියාගෙන හිටපු පොඩි ආභරණයක් වගේ එකක් තිබුණා කාටත් මතක ඇති. ජයකුන්තය කියලා හැඳින්වුණු ඒක ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වුණේ “වශී බෝලය” කියලායි. ඔය වශී බෝලය අතේ තියාගෙන මිරික මිරිකා ඉන්නකොට ඒක දකින ජනතාව එතුමාට වශී වෙනවා කියලා කතාවක් තමයි ඒ කාලෙ පැතිරිලා තිබුණේ.

කොහොමහරි ඕකෙන් වැඩිපුර එකක් මහින්ද ගාව තිබිලා, එදා තමන්ව බලන්න ආපු රනිල්ට මහින්ද ඕක තෑගි කළා ලු.

රනිලුත් ඕක අරන් ගිහින් තමන්ගෙ මේසෙ උඩ තියලා.

රනිල්ව හම්බෙන්න ආපු සමීප හිතවත් දේශපාලනඥයෙක් මේක දැකලා “සර්, මේක මෙහෙම මේසෙ උඩ තියලා හරියන්නෙ නෑනෙ. මේක අතේ තියාගෙන ඔබ ඔබා ඉන්න නේද ඕනෙ ?” කියලා අහලා.

“ඔයාට ඕනෙ නම් අරගෙන ඔබන්න” කියලා රනිල් හැරෙන තැපෑලෙන් උත්තර දුන්නා ලු ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...