මුල්ලිවයික්කාලේ කන්ජි ….

ලුණුත් අහිමි සහලුත් නැති දකුණු හද
ගහපු ගැහිලි සමරනකොට සතුට මැද
සිංහ කෙසර වල් බිහිවුණු සිහින බිඳ
මුල්ලිවයික්කාලේ කැළතේ ය කැඳ

කලපු වතුර උණු කළ හැටි කවුරු දනී
ඊට ඇවැසි ගින්දර දර අඩු නොවුනී
බීපු කන්ජි හන්දම පණ පොද රැකුණී
එහෙම මතක අතෑරලන්න ද ඉතිනී

ගලපු රුහිරු අමතක වන්නෙද කෝමා
හළපු කඳුළු අමතක වන්නෙද කෝමා
හෙළපු සුසුම් අමතක වන්නේද කෝමා
විඳපු කන්ජි අමතකද වන්නෙද කෝමා

ලිපේ පැහෙන කැඳ භාජන රස වේවා
ඉරේ එළිය මෙන් මතකය ඇවිලේවා
පව්කාරයින් රැස් මාලා දුරුවේවා
ගව්වෙන් ගව්ව කැඳ භාජන සිහිවේවා

මාලිමාව බුදු වෙනවා ලකුණු දැනේ
නෑර කැටුව ගිය සොක්කන්‍ ය සිහසුනේ
බාවනාවේ රැඳී නිදි සුව බිඳින තැනේ
මාලිගාවෙ කැඳ සිහිවෙද සුවාමිනේ

~ මංජුල වෙඩිවර්ධන
2025 මැයි 18

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...