ට්‍රම්ප්ගේ දැවැන්ත බදු කප්පාදු පනතේ නවතම තත්ත්වය!

Date:

රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :

ට්‍රම්ප්ගේ දැවැන්ත බදු කප්පාදු පනත එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩල කමිටුවේ ප්‍රධාන ඡන්දයක් මගින් සම්මත කරයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැවැන්ත බදු කප්පාදු පනත් කෙටුම්පත, මෙම සතිය අගදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සම්මත කර ගැනීම සඳහා ප්‍රධාන කොංග්‍රස් කමිටුවක අනුමැතිය ලබාගෙන තිබේ.

අඩු ආදායම්ලාභී ඇමරිකානුවන් සඳහා වන මෙඩිකේඩ් සෞඛ්‍ය සේවා වැඩසටහන සඳහා වන වියදම් කප්පාදු කිරීම සහ හරිත බලශක්ති බදු සහන අවලංගු කිරීම සම්බන්ධ ආරවුලක් හේතුවෙන් සිකුරාදා රිපබ්ලිකන් කොන්සර්වේටිව්වරු පනත් කෙටුම්පත සභා අයවැය කමිටුව නිෂ්කාශනය කිරීමෙ අවහිර කිරීමෙන් පසුව, ඉරිදා (18) රාත්‍රියේ පැවති දුර්ලභ ඡන්ද විමසීම ට්‍රම්ප් සහ සභා කථානායක මයික් ජොන්සන්ට විශාල ජයග්‍රහණයක් සනිටුහන් කර ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව දවසේ වැඩි කාලයක් දැඩි මතධාරීන් වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් නායකයින් සහ ධවල මන්දිර නිලධාරීන් සමඟ සංවෘත සාකච්ඡාවල නිරත වූ බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය...

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...