ස්වාධීන කණ්ඩායම්වල ඔක්කොම දූෂිතයෝ නෙවෙයි. දූෂිතකමේ නිර්නායකය සභාවෙන් සභාවට වෙනස් – ඇමති විජිත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ස්වාධීන කණ්ඩායම්වලින් එන දූෂිතයින් ගැන පළාත් පාලන මැතිවරණයට පෙර ජාතික ජන බලවේගය පැවසූ නමුත් එසේ පත්ව ඇති ස්වාධීන කණ්ඩායම් නියෝජිතයින් සියලු දෙනාම දූෂිත නොවන බැවින් එකී දූෂිතයින් නොවන සභිකයින් සමග එක්ව කටයුතු කිරීමට ජාජබ ක්‍රියා කරන බව විදේශ කටයුතු, සංචාරක හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් පවසයි.

“එක්සත් ජාතික පක්ෂයේ, පොහොට්ටුවේ, සමගි ජන බලවේගයේ කණ්ඩායම්, පුද්ගලයෝ ඒ ආයතනවල කලින් හිටපු නගරාධිපතිවරු, සභාපතිවරු මේ සැරේ ඡන්දෙ ඉල්ලලා දිනන්න බැරි කට්ටිය ස්වාධීන කණ්ඩායම් විදියට ඡන්දෙට ඉදිරිපත් වුණා. එහෙම ඡන්දෙට ඉදිරිපත් වෙලා දිනපු අයත් ඉන්නවා. ඡන්දෙට ඉදිරිපත් වෙලා පැරදිච්ච අයත් ඉන්නවා. මං උදාහරණයක් කිව්වොත් මීගමුව නගරසභාවේ හිටපු නගරාධිපති දයාන් ලන්සා, නිමල් ලන්සා ඇතුළු ඒ අය ස්වාධීන කණ්ඩායම් කිහිපයක්ම දැම්මා. ඒගොල්ලො හිතුවා වේශනිරූපණයක් සහිතව, වෙස් මූණක් දාගෙන ඇවිල්ලා දිනන්න පුළුවන් කියලා. නමුත් ඒක ඒගොල්ලන්ට බැරිවුණා. ගොඩක් තැන්වල හිටපු නගරාධිපතිවරු, සභාපතිවරු, මේ පොහොට්ටුවෙ අරහෙ මෙහෙ හිටපු අය පක්ෂයෙන් ආවාම ඡන්දෙ දෙන්නෙ නැති හින්දා ජනතාව එවැනි කණ්ඩායම් නියෝජනය කරමින් ආවා. ඉතින් අපි එවැනි අයත් එක්ක එකතු වෙන්නෙ නෑ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ මීට කලින් ඔබතුමන්ලාගෙ පක්ෂයේ නොවන වෙනත් පක්ෂයකින් සභාවල් නියෝජනය කරපු අය එක්ක එකතුවෙන්නේ නැද්ද ?

“ඒක ආයතනයෙන් ආයතනයට වෙනස්. ඒකයි මම කිව්වෙ…”

ප්‍රශ්නය – හැබැයි කලින් නියෝජනය කරලා තියෙනවා නම් අගමැතිතුමිය කියපු හොරු කැටගරි එකට වැටෙනවා …?

“හැමෝම ඒ කැටගරි එකට වැටෙන්නෙ නෑ”

ප්‍රශ්නය – එහෙම කිව්වෙ නෑ නේද කලින් ?

“මෙහෙමනෙ, ඔය ඔක්කෝම විස්තර කරන්න බෑනෙ මේ මැතිවරණ වේදිකාවේ කරන කතාවකදී. දැන් ඔය අපි ආයතනයක් ගත්තාම ස්වාධීන කණ්ඩායම් බැලුවාම ස්වාධීන කණ්ඩායම් 1,2,3,4,5 කියලා ගොඩක් ඉන්නවා. ඔක්කොම එකම කැටගරියට වැටෙන්නෙ නෑ. අරම අයත් ඉන්නවා. එවැනි දූෂිත පුද්ගලයින් සමග අපි එකතු වෙන්නෙ නෑ”

ප්‍රශ්නය – ඒ දූෂිත නිර්නායකය මොකක්ද ? ඒක කොහොමද එන්නෙ ?

“ඒක සභාවෙන් සභාවට වෙනස්. ඒක සභාවේ ඉන්න පුද්ගලයෝ දිහා බලලා කියතහැකි. මම කලින් උදාහරණයක් කිව්වෙ”

විජිත හේරත් අමාත්‍යවරයා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...