ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර සූරතාවය වෙළද සේවා කණ්ඩායමට

Date:

නිශ්මං රණසිංහ මැයි 20, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ එකම නෙට්බෝල් ලීගය වන ‘ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර නෙට්බෝල් ලීගය දෙවැනි වසරටත් මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවති අතර එහිදී මේ වසරේ සූරියන් වන්නට වෙළඳ සේවා නෙට්බෝල් සංගමය ඊයේ සමත් වුණා.ඔවුන් 2025 වසර සඳහා ශූරතාව දිනා ගත්තේ අවසාන තරගයේදී ශ්‍රී ලයන්ස් නෙට්බෝල් සමාජය ලකුණු 60-36කින් පරාජය කරමින්.

තරගයේ පළමු කාර්තුව අවසානයේ ලකුණු14-7කින් ඉදිරියෙන් සිටි එම කණ්ඩායම තරගයේ පළමු භාගය අවසන් විට ලකුණු 31-18ක් වාර්තා කර තිබුණා. තෙවැනි කාර්තුව අවසානයේ වෙළඳ සේවා කණ්ඩායම ඉදිරියෙන් සිටියේ ලකුණු 46-23කින්.අවසාන කාර්තුවේදී ශ්‍රී ලයන්ස් ක්‍රීඩිකාවන් තරගයට අවතීර්ණ වෙමින් එම තරගයේදී වෙළද සේවා කණ්ඩායම ලකුණු 14 ක් ලබද්දී ලකුණු 13 ක් රැස් කළ ද,එය තරගයේ තීරණයට බලපෑම් කිරීමට ප්‍රමාද වී තිබුණා.

පසුගිය වසරේ පැවති මංගල තරගාවලියේ ශූරියන් වූ රාජ්‍ය සේවා නෙට්බෝල් සංගම් කණ්ඩායමට මෙවර තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත් වෙන්නට සිදු වූ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට පිරිනැමෙන ‘තිලකා ජිනදාස අභියෝග කුසලානය’ මෙවර හිමිකර ගත් වෙළඳ සේවා නෙට්බෝල් සංගම් කණ්ඩායමේ ගයානි දිසානායක, ඊට අමතරව තරගාවලියේ හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව වශයෙන් ද සම්මානයට පාත්‍ර වුණා.

තරගාවලියේ පිරිනැමුනු අනෙකුත් ප්‍රධාන ශූරතා සියල්ල ද වෙළඳ සේවා නෙට්බෝල් සංගමයේ ක්‍රීඩිකාවන් විසින් දිනා ගැනීම විශේෂත්වයක්. ඒ අනුව තරගාවලියේ දක්ෂතම විදින්නිය (Shooter) ලෙස දර්ශිකා අබේවික්‍රම, හොඳම සෙන්ටර් කෝට් (Centre Court) ක්‍රීඩිකාව ලෙස දුලංගි වන්නිතිලක තේරුණු අතර අවසාන තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් නම් කෙරුනේ ගයාන්ජලී අමරවන් යි.

ඉතාමත් සාර්ථකව පැවති මේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවන් තිදෙනෙකුට ඩුබායි සෙවන්ස් නෙට්බෝල් ලීගයේ දී ශ්‍රී ලයන්ස් ධජය යටතේ ක්‍රීඩා කිරීමේ මං විවර වුණා. වෙළද සේවා නෙට්බෝල් ක්‍රීඩා සමාජයේ ගයානි දිසානායක, ගයාන්ජලී අමරවන්ශ සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ හසිතා මෙන්ඩිස් එම අවස්ථාවන් සඳහා සුදුසුකම් සපුරා ගත්තා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය dio ගොවියන්ට වෙච්ච දේ දේශීය alto ගොවියන්ටත් ළඟදීම වෙන ලකුණු ….?

Honda ලා දේශීය dio ගොයියන්ට කෙළවලාම දැම්මා වගේ, Browns...

රනිල්ගේ නිල රථයේ රක්ෂණ වාරිකය ගෙවලා නෑ ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රජයෙන් ලබාදී ඇති නිල...

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...