*
Monday, September 30, 2024
spot_img

Latest Posts

සැබෑ යුද වීරයා මහින්දද?නැවත සිතා බලමු

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ රටේ ජනතාවගෙන් ආරක්ෂා වීම පිණිස මේ වන විට තම පවුලේ සාමාජිකයන් ද සමඟ ත්‍රිකුණාමලය නාවුක හමුදා මූලස්ථානය තුළ හමුදා රැකවරණ යටතේ පසු වන බවට නිල නොවන තොරතුරු ලැබී තිබේ. තමන් අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වන බව සඳහන් ලිපිය ඔහු තම බාල සොයුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළේ ඊයේ (10) පස්වරුවේ ය.අතිගරු මහා නායක හිමිවරුන් කාදිනල් හිමිපාණන්,ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් කරන ලද ඉල්ලීම සළකා අන්තර්වාර පාලන රජයක් බිහි කිරීමට සහාය දීමක් වශයෙන් තමන් මෙම තීරණය ගන්නා බව ඔහුගේ එම ලිපියෙහි සඳහන් විය. එහෙත් ඊයේ පෙරවරුවේ තමන් ගේ පූර්ව සංවිධාන සැළැස්ම යටතේ තමන්ට අතිශය හිතවත් මැති ඇමතිවරුන් කිහිප දෙනකුගේ අනුග්‍රහයෙන් බස් රථ යොදා සහ ආහාර පාන සපයා පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු දෙදහසක පමණ පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා ගන්නා විට මහින්ද රාජපක්ෂ මෙම ස්ථාරයේ නොසිටි බව අතිශයින් පැහැදිලි ය.

පූර්ව සැළැස්මකට අනුව සංවිධානය කෙරුණු එම සැළැස්මේ දී රැස්ව සිටි පිරිස අගමැති වරයාට ඉවත් නොවන ලෙස බල කිරීමත් ඉන් පසු මහින්ද රාජපක්ෂ ඔවුන් අමතා ඒ සම්බන්ධ තම ස්ථාවරය ප්‍රකාශ කිරීමත් සඳහා වන පිටපත කල් ඇතිවම සකස් කොට තිබිණ. තමන් ගේ මානසික ශක්තිය අබිබවා බොහෝ දුරකට දිවයන අවිචාරවත් දොඩමළු බවක් පදනම් කරගත් වාචික ශක්තියක් සහිත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු එම නාඩගමේ “පොතේ ගුරාගේ භූමිකාව”කරමින් රැස්ව සිටි ගුණ නුවණ මුහුකුරා නොගියවුන් ගේ භාවයන් කුපිත කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ රැස්ව සිටි පිරිස ඇමතීමේ දී යොදා ගත් වාක්‍ය ඛණ්ඩ කිහිපයක් ඔහුගේම වදන් වලින් මෙලෙසිනි.
“රට ආරාජික කරන්න අපිට අවශ්‍ය නෑ” මගේ ප්‍රතිපත්තිය අභියෝග වලට මුහුණ දීලා අභියෝග ජය ගැනීම””අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ.

අපි ඒවට පූර්වාදර්ශ දීලා තියෙනවා.” “ආර්ථික අර්බුදය හමුවේ විරුද්ධ පක්ෂය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ගෙනියනවා. ඔවුන්ට අවශ්‍ය බලය විතරයි.”“මහානායක ස්වාමීන් වහන්සේලා, කාදිනල් තුමා සර්වපාර්ශික ආණ්ඩුවක් යෝජනා කරනවා.”“ජනාධිපති තුමාට බාධාවකින් තොරව තීන්දුවකට එළඹෙන්න පුළුවන්.”“පොදුජන යහපත වෙනුවෙන් තීරණයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම්.”“මාව දේශපාලනයට ගෙනාවේ ඔබ තැබූ විශ්වාසයයි.”“මම දැන් ඔබෙන් අහනවා දැන් මොකද? කරන්නේ කියලා.”“ඔබත් එක්ක එක තීරණයට එන්න අපි සූදානම්.”“පළමුවත් මව්බිම. දෙවනුවත් මව්බිම. තෙවනුවත් මව්බිම.”“ඔබ සැමට සුබ අනාගතයක්.”මහින්ද රාජපක්ෂ පැවසූ අවසන් වදන් කිහිපය අනුව අතිශයින් පැහැදිලි වනුයේ තමන් තව පැය කිහිපයකින් ඉල්ලා අස්විය යුතු බවක පැතුමක් තබා සිතුවිල්ලක් වත් ඔහුගේ තුන් සිතකවත් නොවූ බව ය.

ඔහු තමන්ට ඉවත් නොවන්නැයි ඉල්ලා බලකිරීම පිණිස කණ්ඩායමක් අරලිය ගහ මන්දිරයට ගෙන්වා ගත්තේ එබැවිනි. එමෙන්ම විවිධ පක්ෂ සහ මතවාද දරන්නවුන් ගෙන් යුතු අන්තර් පාලන ආණ්ඩුවක් කෙසේ වත් සාර්ථක නොවන බවත් එවැන්නක් පිහිටුවන්නේ නම් එහි නායකත්වය තමන් විසින්ම ගත යුතු බවත් ඔහු ඊට දින කිහිපයකට පෙර පවසා තිබිණි. එමෙන්ම අගමැති තනතුරින් ඉවත් වන්නේ ද? යනුවෙන් ප්‍රශ්නයක් යොමු වු සෑම විටෙකම ඔහු සිනාසී ‘අස්වෙන්න කියන්නේ මට යැ’ යනුවෙන් පවසා සිටියේ එය තම ජනපති මලනුවන් වෙත එල්ලවන චෝදනාත්මක ඉල්ලීමක් බව අඟවමිනි.

එමෙන්ම ‘සංවේදී නායකයා’ යන සන්නාමයෙන් යුතු දේශපාලනඥයකු වු මහින්ද රාජපක්ෂ ගේ ඒ ජනතා සංවේදීතාව පසුව කෙතරම් දුරට වියළී තිබිණ ද යත් අරලියගහ මන්දිරය ඉදිරියේ ක්‍රියාත්මක නොනවතින සාමකාමී ජනතා උද්ඝෝෂණය පිළිබඳව සඳහන් කළේ “හොල්මන් වලට බය නම් සොහොන් ගෙවල් හදන්නේ නෑ” යනුවෙනි. ඒ කෙසේ හෝ එලෙස හොල්මන් වලට බය නොවීම මුල් කොට මේ වන විටත් ඔහුට තමන් පදිංචිව සිටි අරලියගහ මන්දිරය නම් සොහොන් ගෙය මාරු කොට ආරක්ෂිත ස්ථානයක සැඟවෙන්නට සිදුව තිබේ.

අප සමාජයේ බොහෝ දෙනා මහින්ද රාජපක්ෂ ජාතියේ අනභිබවනීය නායකයා ලෙස හඳුන්වනුයේ දශක තුනකටත් වඩා කාලයක් පැතිර ගත් එල් ටී ටී ඊ යුද්ධය නිමා කොට රට එක සේසත් කළ නායකයා ලෙසිනි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව රටේ ජනාධිපති වරයා රටේ සේනාධිනායකයා බව නිසැක ය. එහෙත්, ඒ සේනාධිනායක තනතුර සහ යුද වීරත්වය යනු එකක්ම ද ? යන්න මතු පරපුර විසින් වඩාත් නිවැරදිව විසඳා දෙනු ඇත. එමෙන්ම ද්වන්ධ සටනක් නොවන යුද්ධයකින් එක් යුද වීරයකු සෙවීම අති දුෂ්කර වූවකි.මහා වංශයේ යුද වීරයා දුටු ගැමුණු කුමරු ය.ඊට හේතුව ඔහු තම ප්‍රතිමල්ලව එලාර රජු හා ද්වන්ධ සටනක් කොට ඉන් දිනීම ය.

එම සටන් බිමේ තිබූ වැව ලේ වලින් කැලතී ගිය නිසා එය “කලත්ථ වාපී” නම් වූ බව පාලි මහා වංශය කියයි.එය සිංහලයට නංවා ඇත්තේ කලතු වැව යනුවෙනි.වත්මන් අනුරාධපුරයට ආසන්න කලැත්තෑව එම දුටු ගැමුණු-එලාර අවසන් සටන පැවැති සටන් බිම ලෙස හඳුනාගෙන තිබේ.එහෙත්,එම දුටු ගැමුණු-එලාර සටන හා අප රටේ ත්‍රිවිධ හමුදා පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු වල සහායෙන් දියත් කළ එල් ටී ටී ඊ සටන හා සැසඳිය හැකිද?

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 ජනපතිවරණයට සැරසෙමින් සිටි යුගයේ මහින්ද, ගෝඨාභය දෙබෑයන් ප්‍රමඛ ශ්‍රී ලංකා පොදු පෙරමුණු නායකයන්ගේ ප්‍රධානත්වයෙන් 2019 ඔක්තෝබර් 15 දා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැති මාධ්‍ය හමුව ඊට කදිම නිදසුනකි.ඉන්දියාවේ පළවන “ද හින්දු” පුවතේ පතේමාධ්‍යවේදිනී මීරා ශ්‍රී නිවාසන් විසින් එහි දී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත ප්‍රශ්නයක් යොමු කරමින් අසා සිටියේ “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවති කාලය අතරතුර දී අත්අඩංගුවට ගත් හෝ හමුදාවට භාර වූ එල් ටී ටී ඊ සාමාජිකයන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි.

මෙහි දී මීරා ශ්‍රී නිවාසන් ගෝඨාභයගෙන් එම පැනය අසා සිටියේ ඒ යුද සමයේ ආරක්ෂක ලේකම් තනතුර දරන ලද්දේ ඔහු නිසා ය එහිදී ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.නැවත එම මාධ්‍යවේදිනිය ප්‍රශ්නයක් නඟමින් විමසා සිටියේ, “එසේ නම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් යුද්ධය පැවති කාලය අතර තුරදී අත්අඩංගුවට ගත් හෝ හමුදාවට භාර වූ එල් ටී ටී ඊ සාමාජිකයන්ට සිදු වුයේ කුමක්ද?”” යන්නයි.එවිට ගෝඨාභය රාජපක්ෂ හඬ නඟා සිනාසෙමින් කියා සිටියේ “ඔබට වැරදිලා; යුද්ධයට නායකත්වය දුන්නේ මම වත් මගේ සහෝදරයාවත් නෙවෙයි. යුද්ධයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති (එවක සිටි යුද හමුදා පති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාය) බවයි. අප රටේ ගම්බද ප්‍රාථමික සහ කනිෂ්ඨ පාසල් වල සිසුන් පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීම එම සිසුන් ගේ මාපියන්ට සුවිසල් ජයග්‍රහණයකි.

එහෙත්, ඒ ජයග්‍රහණය සඳහා වන තීරණාත්මක සාධකය එම පාසලේ තුන් වන හතර වන සහ විශේෂයෙන් පස්වන ශ්‍රේණිය භාරව සිටින ගුරුවර ගුරුවරියන් ය.මෙම ශ්‍රේණිවලට උගන්වන ඇතැම් ගුරුවර ගුරුවරියෝ ඒ සඳහා සුවිශේෂ පරිශ්‍රමයක් දායකත්වයක් ද දරති.තම සාමාන්‍ය රාජකාරියට අමතර අතිරේක කැපවීමක් ද කරති. ඒ අනුව එසේ ශිෂ්‍යත්ව විභාගයකින් සිසුන් කිහිප දෙනකු සමත් වීම මුල් කොට එම මාපියෝ ද ඒ ගුරුවර ගුරුවරියන් වෙනුවෙන් උපහාර උත්සව පවත්වති. නමුදු එහි දී ඒ ගුරුවර ගුරුවරියන් පවසනුයේ එම ජයග්‍රහණයේ ප්‍රධාන පළමු ගෞරවය පාසලේ විදුහල්පති තුමන්ට හෝ තුමියට හිමිකර දිය යුතු බවකි.

එහෙත්, සැබැවින්ම එමගින් දරුවන් ශිෂ්‍යත්වයෙන් සමත්වීම සම්බන්ධයෙන් විදුහල්පති වරයා ගෙන් වරියගෙන් කිසිදු සහායක් නොලැබීමට වුව ඉඩ තිබේ. නමුත් ඒකාන්ත වශයෙන්ම ඒ උපහාර උළෙලේ ප්‍රමුඛත්වයන් ඉන් පිදෙන පළමු උපහාරයන් ලබා ගන්නෝ විදුහල්පති පතිනි වරුමය.නමුදු ඒ විදුහල් පති වරුන් අතුරින් සත්පුරුෂ ගති ලක්ෂණ ඇත්තෝ එම සිසුන් ලැබූ ජයග්‍රහණ වල පූර්ණ ගෞරවය ඒ ශ්‍රේණි වලට ඉගැන්වූ ගුරු මවුන්ට ගුරු පිය වරුන්ට හිමි විය යුතු බව කියති.එහෙත් මහින්ද රාජපක්ෂත් එවැනි විදුහල්පති වරයකු වී නම් එම උපහාර උළෙලට ඒ ජයග්‍රහණයන් ලබා දුන් ගුරු වරුන්ගේ පැමිණීම පවා නතර කොට එහි “තනි අයිතිය” තමන්ම හිමි කර ගනු ඇත.ඔහු ඒ ජාතියේ මිනිහෙකි.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය යුද ජයග්‍රහණ යුගයේ සිට ඊයේ (09) තමන්ගෙන් ලැබුණු සංග්‍රහය භුක්ති විඳ මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට චණ්ඩි පාට් දැමීමට යාමේ දී මඟ දිගට බඩකට පුරා ලැබෙන සංග්‍රහ භුක්ති විඳිමින් ඇතැම් විට බේරේ වැවෙන් දිය නා ගම් රටවල් බලා ගිය තම අනුගාමිකයන් අමතා කළ සිය අගමැති පදවියේ අන්තිම කතාවේදී ද තමන් ලබා දුන් මෙම යුද ජයග්‍රහණය යළිත් සිහිපත් කළ බවක් දක්නට ලැබිණ.

එහෙත් තමන් අතින් සිදු වූ සහ සිතා මතා සිදු කළ සියලු පව් කමා කිරීම පිණිස වන ඒ යුද ජයග්‍රහණය නම් වන ආරක්ෂක පළිහ නිරන්තරයෙන් අවභාවිතා කිරීම මත මේ වන විට එය කෙතරම් අබල දුබල තත්වයට පත්ව තිබේ ද යත් තමන් විසින් පුරුදු පුහුණු කළ මුග්ධ අනුගාමිකයන් සාමකාමී අරගල බිමට යොමු කිරීමෙන් පසු ඉස්මතු වූ ජනතා ප්‍රතිචාර වලින් මහින්ද රාජපක්ෂ මනාව වටහා ගන්නට ඇත. ඔහු අද ගත කරන අඳුරු දිවි පෙවෙතම ඒ සඳහා වන කදිම නිදසුනකි.

විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan