දේශබන්දුට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනෙක් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරයට!

Date:

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.

සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරන ලදී.

ඔවුන් දෙදෙනා අද දිනයේ හදුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරිමටද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මෙම සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙක් අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට අතැළත් කර ඇති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර එම සැකකරු නිරීක්ෂනය කිරිමෙන් අනතුරුව සුදුසු නියෝගයක් ලබා දෙන බව මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...