අද ගුමී හී දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව සටනට

0
87

නිශ්මං රණසිංහ මැයි 26, කොළඹ LNW:

අද ඇරඹෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන මලල ක්‍රීඩක ක්‍රිඩිකාවන් කණ්ඩායම මේ සමඟ දැක්වෙනවා.බොහෝ දුෂ්කරතා කඹ ඇදිලි සමඟ ක්‍රීඩා කණ්ඩායම තරගාවලියට සහභාගි කරවීමට කටයුතු සිඳු කළා.ඒ සඳහා අවසාන මොහොතේ ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩක ක්‍රීඩිකාවනට අසාධාරණයක් නොවන්නට කරන ලද කැපවීමත් අගය කළ යුතුයි.එහෙත් අවාසන මොහොතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැසි මැද වීසා පෝලිමේ රැදවීමත් සිඳු නොවී මේ සංචාරය වෙනුවෙන් කටයුතු කිරීමට හැකි වුණානම් වැදගත් වෙනවා.


ක්‍රිඩා අමාත්‍යවරයා මාධ්‍යවේදීන් මුණ ගැසුණු අවස්ථාවේදී පැවසූ දෙයක් වූයේ ඔහු සියල්ල දැන පැමිණ ඇති බැවින් මාධ්‍ය මඟින් පෙන්වා දෙන කරුණු ඔස්සේ වැඩ කිරීම අනවශ්‍යය බවයි.ඉතාම නිහතමානීව ඔහු ජනමාධ්‍යවේදීන්ට බොරු වුව ලිවිය හැකි බව පැවසූ අතර ඔහු මාධ්‍ය පෙන්වා දෙන කරුණු මත වැඩ නොකරන නිසා එය ගැටළුවක් නොවන බව ද පැවසුවා.එහෙත් එහි සිටි වසර තිහ හතළිහක මාධ්‍ය අත්දැකීම් ඇති පිරිස් කීඩාව සම්බන්ධයෙන් වන සංවේදීතාවය පදනම් කරගෙන යම් යම් කරුණු ගෙන දැක් වූවා.ඒ අතර මේ වීසා කටයුතු වෙනුවෙන් වෙනම අයෙකු පත් කර තැබීම සඳහා ද ඉල්ලීමක් කළා.


රාජ්‍ය තාන්ත්‍රිකව රජයකට ඇති පිළිගැනිම සැළකිල්ලට ගෙන රටක් නියෝජනය කරන්නට යන ක්‍රීඩකයෙකුට වීසා ලැබා ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කර එම කටයුතු සිඳු කර දීමට ආණ්ඩුවකට හැකියාවක් නැති නම් එය ආණ්ඩුව දුර්වලකමක්,නොසැළකිලිමත්කමක් හෝ නොදන්නාකමක් නිසා ඇති කර ගන්නා තත්ත්වයක් පමණක් බව කිව යුතුයි.


තරගාවලියට සහභාගි වන කණ්ඩායම ඡායාරූපයේ සිටිනාකාරය අනුව මේ සමඟ නම් කර ඇති අතර එයට පහළින් දකුණු කොරියාවේ ගුමී හී පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ තරග විස්තර සඳහා පිවිසිය හැකි සැබඳියක් ද තබා තිබෙනවා.ඉතිහාසයේ සිට ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දුන් දකුණු කොරියානු සංචාරයකට නිලධාරීන් පත් කිරීමේ දී රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඇති ඇතැම් විට ආරක්ෂක අංශවල සබඳතා ඇති වැනි කරුණු සැළකිල්ලට ගැනීමට මුල් තැන දීම වැදගත් බවට ඉතිහාසය විසින් සටහන් තබා තිබියදී මලල ක්‍රීඩා සංගමය හෝ ක්‍රීඩා අමාත්‍යංශය ඒ ගැන සිතා ඇත් ද යන්නත් මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණක් හැටියට ගැනෙනවා.
වමේ සිට අසුන්ගෙන සිටින අය: නදීෂා රාමනායක (මීටර් 400 සහ 4X400), ජගත් බණ්ඩාර (මස්සියර්), අයි.එම්. රණසිංහ (පුහුණුකරු), සමන් කුමාර ගුණවර්ධන (ශ්‍රී ලංකා මලල ක්‍රීඩා මහලේකම්), දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසිකිරීම/ කණ්ඩායම් නායිකා – කාන්තා), සී. රූපසිංහ (කණ්ඩායම් කළමනාකරු), ටෝනි ප්‍රසන්න (පුහුණුකරු), ලාල් විජේවික්‍රම (පුහුණුකරු) සහ එස්. අරුණ දර්ශන (මීටර් 400 සහ මීටර් 4X400)

වමේ සිට මැද පේළිය;
ඔමෙල් ද සිල්වා (මීටර් 4X400), මෙරොන් විජේසිංහ (4X100) ජිත්මා විජේතුංග (මීටර් 4X400), රාසර විජේසූරිය (මීටර් 5000 සහ මීටර් 10000) නිෂේන්ද්‍ර ප්‍රනාන්දු (මීටර් 400 සහ මීටර් 4X400), සයුරි මෙන්ඩිස් (මීටර් 4X400), ජයරාහි400 චමෝද් යෝදසිංහ (මීටර් 100)

වමේ සිට පසුපස පේළිය;
ලෙසාඳු අර්ථවිදු (උස පැනීම, සදෙව් රාජකරුණා මීටර් 4X400), කල්හාර ඉන්දුප (මීටර් 4X400), රුමේෂ් තරංග (හෙල්ල විසිකිරීම), දිනෙත් වීරරත්න (මීටර් 4X100) සහ චමෝද් දිසානායක (මීටර් 4X100)

ඡායාරූපයේ නොමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්: යුපුන් අබේකෝන් (මීටර් 100 සහ 200) සහ කාලිංග කුමාරගේ (මීටර් 400 සහ 4X100)
තරග කාල සටහනට සහ ප්‍රතිපලවලට පිවිසීමට → https://bit.ly/4jiDfTq