රටවල් හතරක වේල් හතර ගෙන කුසල් ජනිත් සමඟ ලාහෝරය දිස්නෙ ගැන් වූ රාසා

නිශ්මං රණසිංහ මැයි 26, කොළඹ LNW:

ගුවන් සැතපුම් තුන් දහසකට වැඩිය.දින පහක තරගයක් නිමාවේ එතරම් දුරක් තරණය කර පකිස්තානයට පැමිණි සිකන්දරු රාසා පකිස්තානු ප්‍රිමියර් ලීග් කුසලානය තමන් නියෝජනය කළ ලාහොර් ක්ලැන්ඩර් කණ්ඩායමට දිනා දීමට සමත් වුනේ කුසල් ජනිත් පෙරේරාගේ ජයග්‍රාහි ඉණිමට අපූරු සහයක් දෙමින්.ඔහු කෙතරම් වෙහෙසක් දරා ගෙන මේ සටනේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණා ද යන්න ඔහු සිය ආහාර වේල් තුන භුක්ති විදි ආකාරය කියන ආකාරයම හොඳ නිදසුනක්.


රාත්‍රි ආහාරය බර්මින්ග්හැම්,උදෑසව ආහාරය ඩුබායි,දිවා ආහාරය අබුඩාබි සහ නැවත රාත්‍රි ආහරාය පකිස්තානයෙන් ගත් බවයි ඔහු කියන්නෙ.ඒ වෘත්තීයභාවය වෙහෙසට යටපත් වන්න නොඳුන් සිකන්දර් රාසා පිටියට පිවිසෙන විට ලකුණු පූවුව දැක් වුණේ ලකුණු 145 ක් ලෙසයි.ඉතිරිව තිබුණ පන්දු ප්‍රමාණය 26 ක් පමණයි.ජයග්‍රහණය සඳහා ලකුනු 57 ක් අවශ්‍යය කර තිබුණා.ඒ වන විට කඩුල්ලලේ රැදී සිටි කුසල් ජනිත් පෙරේරා හොඳින් පන්දුව දකිමින් පිටිය සිසාරා පහර එල්ල කරමින් නොපෙනන ජයග්‍රහණය පෙනෙන මානයට රැඟෙන විත් තිබුණා.ඒ වෙනුවෙන් රාසා ද වැඩි බර කුසල් ජනිත් මත පටවා පන්දු 7 පමණක් ඔහු මුහුණ දුන්නා.


ඒ පන්දු 7 න් හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් ලබා ගත් රාසා නොදැවී ලකුණු 22 ක් රැස් කර ගැනීමට සමත් වුණා.ලකුණු 85 ට කඩුලු 2 ක් දැවී තිබියදී පිටියට පිවිසි කුසල් ජනිත් පන්දු 31 දි නොදැවී ලකුණු 62 ක් ලබා ගත්තේ හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් ද එම ඉණිමට එකතු කරමින්.ඒ නිසාම නැවතත් ලාහෝරයේ වටේට ශ්‍රී ලංකාවේ නම කියවෙමින් කුසල් ජනිත් එම කණ්ඩායම සූරතාවය රැගෙන ආ වීරයා බවට පත් වුණා.


ලාහෝරය 1996 දී ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමි වූ නගරයයි.ඉනික්බිති 2009 දී ශ්‍රී ලංකා කණ්ඩායමට වෙඩි වරුසාවක් එල්ල වුණේ ද ලාහෝරයේදිමයි.මේත් ඒ විදිහට ලාහෝරයේ තැනින් තැන ශ්‍රී ලංකාව ගැන කතා බහක් ඇති වෙන්නට හේතු සැකසූ ඉණිමක් ලෙසත් කුසල් ජනිත්ගේ ප්‍රහාරය හැදින්විය හැකියි.
මේ තිබෙන්නේ අවසාන තරගයක ලකුණු 201 ක් හඹා ගොස් ජය ගැනීමට කුසල් ජනිත් තුළ තිබුණ විශ්වාස පැහැදිළි කරන ඉණිම සම්බන්ධයෙන් වන ලකුණු පූවරුවට පිවිසෙන්නට හැකි මඟයි.→ https://bit.ly/4jnVh79

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...