පැය 24ක වැඩ වර්ජනයක් සිදු කිරීමට සැරසෙන පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්!

රෂිකා හෙන්නායක මැයි 26, කොළඹ LNW :

හෙට (26) දිනයේදී පැය 24ක වැඩ වර්ජනයක් සිදු කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සූදානම් වන බව වාර්තා වේ.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සේවාවට හා භෞත චිකිත්සක සේවාව සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ට පමණක් පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන ඇති තීරණයට එරෙහිව එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව, එම සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.