*
Thursday, May 29, 2025
spot_img

Latest Posts

අශෝක ජයතුංග e කොළම.

🍎රණවිරු සැමරුමේ දී ආණ්ඩුව එසේ ක්‍රියා කළේ ඇයි…..?

🍎රට බෙදුම්වාදීන්ගෙ නූල් සූත්තර වලට බිළිවීම…?

🍎දෙමළ ඩයස්පෝරාවේ වත්කම් ගැන ඔවුන් කරන බොරුව….?

🍎රණවිරුවා යයි කී කටින් සෙබලා යයි කී නිසා “ඉල්විරුවාත් ඉල්සෙබලා” වෙනවාද…..?

🍎ආරක්ෂක අංශ අභ්‍යන්තරය දෙදරුවාද….?

🍎රටට විහිළුවක් වූ විදේශ ඇමතිට ලොවක් ජයගත හැකිද…..?

🍎ජනපති අනුර මල්ගවුම් ඉරාජ්ට සෙකන්ඩ්වීම….?

🍎ජනපතිගේ කතා කළේ ඔලුවෙන් හිටගෙන ද….?

🍎එල්බෝඩ්කාරයන්ට රට යාමේ ආදීනව…..?

🍎බොරුවෙන් යාම තව දුරටත් වලංගු ද….?

🍎මාළිමා ඩෝබි බලකාය අනාථ කිරීම…..?

[හිටපු ආණ්ඩු දූෂිත අකාර්යක්ෂම හා වසර 76 ක සාපයක් බව හා රට බංකොලොත් කළ බව කියා  මාළිමාව ආවේ මාස කිහිපයකින් රට සුරපුරක් කරන්නටය. දුෂණය නාස්තිය නැතිකර ආර්ථිකය සමබර කර නිෂ්පාදනය හා අපනයනය උපරිම කර රැකියා සුලභ කොට ණය ගෙවීම පහසු කරන්නට හා ජනතාවගේ බදුබර ඉවත් කොට  සහන ලබාදීම ටොයිස් වැඩක් යයි කීවේය. හොරු අල්ලා එම මුදල් ගෙනැවිත් රට සශ්‍රීක කිරීම  පහසු බව ද ඔවුහු කී නිසා ඒ සදහා ගැඔුරු සැළසුම් පවතින බව බොහෝ අය සිතුහ.

එහෙත් එල්බෝඩ්කාරයන්ට රට දෙන්නට එපාය, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව හෝ චන්ද්‍රිකාට ජැක් ගසා ලබාගත් ඇමතිකම් 04 තියා 2005 මහින්ද දිනෙව්වාට කප්පම් ලෙස ලැබුණු Vfm රේඩියෝව කරන්නට හෝ ජවිපෙට නොහැකිවු බවට  විග්‍රහ වුවද හෙම්බත්ව සිටි ජනතාව ඒ කිසිත් නොසලකා වෙනසකට පාර කැපුවෝය.

එහෙත් මාළිමාවට රට ගොඩ ගැනීමේ කිසිදු විකල්පයක් තිබුණු බව පෙනුනේ නැත. ඔවුහු රනිල් ගේ පාරේම ගියහ. මාස 07 තුළ හිටපු අයට පරිභව කිරීම හිටපු අය කලකී දෑ ගැන ලිස්ට් දැමීම හැර බෝක්කුවක් හැදුවේ නැතැයි චෝදනා එල්ල විය.සියල්ලට වඩා ඡන්ද වලට පෙර හා බලය ගත් පසුවත් බොරුවෙන් යාම එකම ක්‍රමය බව තෝරා ගැනීම මාළිමාව ගත් අඥාණම තීන්දුවකි. ඔවුන් සිතුවේ තමන් කියන බොරු  ජනතාව ගිළින බවය. ජනතාව  හරක් බව සිතීම මහා අඥානකමක් බව මාළිමාවට  වැටහුණේ නැත.

පළාත් පාලන කඩිනම්න් තියා ජාම බේරා ගැනීමට ගිය ද ඡන්ද ලක්ෂ 23 ක් අහිමිවීම මාළිමාව ලැබු පළමු ජනතා ප්‍රහාරය වේ. එහිදී නාමල් සජිත් දිලිත් හා දෙමළ පක්ෂ ඡන්ද වැඩිකරගත් අතර රනිල් ඡන්ද ගොඩ රැකගත්තේය. එය මාළිමාව කෙටි කළක් තුළ වෙනත් කිසිදු ආණ්ඩුවක් නොලැබූ පසුබෑමක් විය. මාළිමාව  තවත් පච කියමින් එය පසුබෑමක් නොවන බව කියන්නට උත්සාහ කිරීම විසුලුකාරී විය. තමන් හැර ස්වාධීනව තරග කරන අය ඇතුළු සියලු දේශපාලකයන් හොරු කීවද එම පිරිස් වලට කෝටි ගණන් දී සභා පිහිටුවීමට ක්‍රියා කරන්නට වූහ. ඒ මාළිමාවේ පළමු මහා නෑම විය.

එහෙත් මාළිමාවේ හොදම නෑම රණවිරු සැමරුමය.ඊට ජනපති අගමැති නොව විහිළුවට පාත්‍රව වූ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පවත්වන බවට රජයේ නිළ ප්‍රවෘත්ති සාකච්ඡා හරහා  කීවේය. ජනතාව ඉන් කුපිත විය.  ජනපති හා ආණ්ඩුවට මව්කිරි සිහිවන රළු ප්‍රතිචාර ආවේ යුද්ධයෙන් බැටකෑ ජනතාවට එම අතීතය හා ඇස් ඉස් මස් ලේ දෙමින් දිවිපිදූ රණවිරුවන් සිහිවීමෙනි.

ජනපති තක්කු මුක්කුවී ඊට එන බව කියන්නට සිදුවූයේ ජනතාව කුලප්පු වුවහොත් ඇතිවන තත්වය හා ආරක්ෂක අංශ අභ්‍යන්තරය තුළ වර්දනයවූ මතයට බියවීමෙන් යයි විග්‍රහ කරන අය ද සිටිති.  මල්ගවුම් ඉරාජ් ගියාටත් ටත් පසුව ජනපති ආබාධිත රණවිරුවන් සොයා ගියේ ද එහි ප්‍රතිළුලයක් ලෙසින් බවත් ජනපති ඔහුටත් සෙකන්ඩ් වූ බවත් කියවේ.රණවිරු උත්සවයේ දී ජනපතිගේ කතාව මාළිමා භක්තිකයන් අගය කළ ද රටේ බොහෝ අයට එය ඇල්ලුවේ නැත. රණවිරුවා “සෙබලා” වීම, අවි ගනිමින් ඇතැම් අය යුද්ධ කළේ සාමයට බව කීම හා ජනපතිගේ තවත් නොගැලපෙන කතා අමුතුය.  ජනපතිවරණයට පෙර රණවිරුවා යයි අමතා ඡන්දය ගත් හැටි ගැන වීඩියෝ ද පවතී.එසේම උ / නැ ඇතුළු රටපුරා කොටි සැමරුම් පැවතීම හා කැනඩාවේ කොටි ස්මාරක ඉදිකිරීමට මෙතෙක් සිටි ආණ්ඩු වළකා ගත්ත ද මෙවර එම ස්මාරක ඉදිවීම ද ජනතාවට දිරෙව්වේ නැත.

මාළිමාව මේ තත්වයට පත්වීම ගැන ජාත්‍යන්තරව පවතින මතය ව්‍යාකූල හා රටට අවාසි එකකි. එනම් දෙමළ ඩයස්පෝරාව හිටපු ආණ්ඩු රවටා සිය බෙදුම්වාදී අරමුණු වලට යාමට දැරූ උත්සාහයට එම නායකයන් බිළිවූයේ නැත. නමුත් කැනඩාවේදී මාළිමා නායකයන් අන්දවා මොළ සෝදා ඡන්ද වලට මුදල් පොම්පකර සිය අරමුණු වලට යාමට බෙදුම්වාදීන් ක්‍රියා කරන බවත් මාළිමාව එහි ගොදුරක්වී ඇති බවත් පවතින විග්‍රහය වේ. ඩො බිලියන 41 ත් ණයක්දැයි  මාළිමා නායකයෙකු ඇසුවේ ඩයස්පෝරා ඇන්දිල්ල හරහා මාළිමාව නොමගයාම කෙතරම්දැයි පසක් කරමින් බව ද කියවේ. දෙමළ ඩයස්පෝරාව හැමදා කරන්නේ ව්‍යාජයකි. ඔවුන් ලග කියන තරමේ ඩොලර් බිලියන ඇත්තේ ද නැත. අත්දැකීම් නැති අය නායකයන් වූ විට ඇතිවන ව්‍යාකූලතාව එයය. ඡන්දයට සොච්චමක් දුන්විට එය මහා මෙරක් සේ දැක කටින් කියන ඩො බිලියන කතා වලට අසුවේ. එය කොටි හිතවාදීන්ගේ ජාත්‍යන්කර  ගේමක් බව දන්නේ ජාත්‍යන්තරයේ බහුල අත්දැකීම් ඇති අය පමණි.

  ලෝකයම මතවාදීව ජයගත යුතු විදේශ ඇමති විජිත සාකච්ඡාවක දී රණවිරු උත්සවයට ජනපති එන්නම හිටියා යයි කී විහිළු කතාව තුළ මේ ආණ්ඩුව රට ගෙනියන්නේ කොහාටදැයි සිතා ගන්නට නොහැකිය. රට ගැන නොව මාළිමා ඩෝබි බලකාය ගැන සිතා හෝ ක්‍රියා කරන්නට ආණ්ඩුව අසමත්වීම ද දරාගත නොහැකි ඛේදවාචකයකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan