ආයෙ කවදාවත් මේ පක්ෂයට ගොඩ එන්න බෑ – එජාප තවත් සංවිධායකයෙක් ඉල්ලා අස්වෙයි !

එක්සත් ජාතික පක්ෂයේ මහියංගණය ආසන සංවිධායක කරූ වීරරත්න එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (28) එජාප මහලේකම් තලතා අතුකෝරාළ වෙත යොමුකර ඇත.

“රනිල් වික්‍රමසිංහ කියන නායකයාට අපි පුදුමාකාර විදිහට ආදරෙයි. මොකද ඔහු තමයි මේ රට ගොඩ ගත්ත නායකයා. හැබැයි ඒ නායකයාට අපි කොච්චර ආදරය කළත් වැඩක් නෑ. මොකද මේ පක්ෂයට අරක් ගත්ත මහ අය ටිකක් ඉන්නවා. ඒ අයට මහපොළොවේ යථාර්ථය තේරුම් ගන්න බුද්ධියක් නෑ. මහපොළොවේ ඇත්ත තේරුම් ගත්තේ නැති නිසා තමයි පක්ෂය හැඳි ගෑවිලාම ගියේ. ඒ නායකයින්ගේ ඔලමොට්ටල තීරණ නිසා. හැබැයි මම පෞද්ගලිකව රනිල් වික්‍රමසිංහ කියන නායකයාට ආදරෙයි ඔහු තමයි මේ රට ගොඩ ගන්න ඉන්න නායකයා කියලා මම අදටත් විශ්වාස කරනවා. හැබැයි ආයේ කවදාකවත් මේ පක්ෂයට ගොඩ එන්න බෑ. ඒ නිසා මම මෙතෙක් කලක් දරපු එක්සත් ජාතික පක්ෂයේ මහියංගනය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. ඒ සඳහා වූ ලිපිය පක්ෂයේ මහලේකම්වරියට හා පක්ෂ නායකතුමාට යැවීමට කටයුතු කළා” යැයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...