නීතියේ ආධිපත්‍යය සුරැකීමට අදාළ සියළු ආයතන රටතුළ ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ සහයෝගයෙන් කටයුතු කර නැහැ! : මානව හිමිකම් කොමිසම

Date:

ඉකුත් දින වල රටතුළ මතුවූ ගැටුම්කාරී තත්ත්ව හමුවේ නීතියේ ආධිපත්‍යය සුරැකීමට බැඳී සිටින සියළු ආයතන මනා සහයෝගයකින් කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ ඉකුත් මැයි 09 වන දින සිදුවූ ප්‍රහාරයන්ට අදාළව පොලිස්පතිවරයා සහ හමුදාපතිවරයා අද (11) දින මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවූ බවත්, මතුවූ තත්ත්වය පාලනය කිරීමට අදාළ ආයතන කටයුතු කළ අන්දම පිළිබඳව පැහැදිලි කිරීම් දෙපාර්ශවයෙන් ම ලබාගත් බවත් ය.

මේ අතර, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ට 2022.05.13 වන දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට කටයුතු කළ බව ද එම කොමිසම පවසයි.

මීට අමතරව, රටේ බුද්ධි අංශ ක්‍රියාත්මක වීමේ ගැටළුවක් තිබෙන බව නිරීක්ෂණය වී ඇති බව ද එම කොමිසම වැඩිදුරටත් අවධාරණය කරයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...