බදු ගෙවන්නන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්!

Date:

කොළඹ LNW:රජය විසින් ප්‍රකාශයට පත් කර ඇතී බදු සතියට සමගාමීව අද (03) සිට බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

ඊයේ සිට 8 වනදා දක්වා රජය විසින් බදු ශක්ති නමින් බදු සතියක් ප්‍රකාශයට පත් කළ අතර එය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ආරම්භ විය.

ඒ අනුව දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ දී හා සියලුම ප්‍රාදේශීය මෙන්ම නගර කාර්යාල මගින් බදු ගෙවන්නන් දැනුවත් කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එහිදී අදියරක් ලෙස ජංගම බදු සේවා පැවත්වීමටද කටයුතු යොදා ඇති අතර එළඹෙන 05 වැනිදා සිට බදු සම්බන්ධ ගැටලු වලට පිළිතුරු ලබා දීමට දේශීය ආදායම් නිලධාරීන් වීථී සංචාරය කිරීමටද නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වෙයි

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටයේ පළමු...

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ...

නරේන්ද්‍ර මොදී නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එක්සත් රාජධානියට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා එක්සත්...