විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය පිළිබඳ මහජන අදහස් විමසීමේ අවසන් සැසිය අද!

Date:

රෂිකා හෙන්නායක ජුනි 03, කොළඹ LNW :

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද (03) දින, ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය පිළිබඳ මහජන අදහස් විමසීමේ අවසන් සැසිය පැවැත්වෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ, ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා පැවසුවේ, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන 50කට අධික පිරිසක් අද දිනයේ වාචික අදහස් ඉදිරිපත් කිරීමට ලියාපදිංචි වී සිටින බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරිපත් වූ මහජන අදහස් ද සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු යෝජනාවලිය පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසන් තීරණය ඉදිරි සති දෙක හෝ තුන ඇතුළත් ගැනීමට නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...