නිශ්මං රණසිංහ ජුනි 04, කොළඹ LNW:
කොළඹට කිරි ගමට කැකිරි කියන කතාව ලංකාවේ දේශපාලනය ඇතුළෙ ජනප්‍රිය කතාවක් වුණා.ඒ හරහා දේශපාලනික වශයෙන් යම් වෛරයක් ගමට කොළඹ කෙරෙහි ඇති කරන්නත් සමත් වුණා.ඒත් ඇත්තම කතාව කොළඹ බොහෝ පාසල්වලට කැකිරිත් නැහැ.
එදා වේල සරි කර ගැනීමත් අපහසු පවුල්වල දරුවන්ට කොළඹ දුප්පත් වතු සංස්කෘතියෙ අම්මලා තාත්තලට අල බතල තම්බලා දෙන්න ඉඩ නැහැ.ගෙදරින් අල්ලපු බිත්තියට සම්බන්ධ වෙන ගෙවල් යායෙ කොන්ක්‍රීට් බඩට දෙන්න බැරි ඒ ජීවිත අස්සෙ තියෙන ප්‍රශ්න අමතක කරන්න හිනා වෙන්නවත් කෙනෙක් එන්නෙ ඡන්ද කාලෙට විතරයි.
සමහර තැනක ගෙවල් යායටම වැසිකිළියක්.පුංචි වැස්සකට කුණු උතුරන කාණු.ලෙඩ රෝග විතරයි ඉක්මණින් ඇවිත් මේ පරිසරයෙ මිනිස්සු වැළඳ ගන්නෙ.රෝහල්වල නොමිලෙ තියෙන බෙහෙත් උගුර විතරයි හැම වෙලේම ලෙඩ වෙන මේ මිනිස්සුන්ට තියෙන සහනය.මේ දුක්ඛ පිඩා අස්සෙ වැඩෙන හියිය හිත් පුංචි නැහැ.දරා ගැනීම උපරිමය තියෙන හිත් ඔරොත්තු දෙන සිරුරු.
නොමිලෙ මැච් එකක් පෙන්නනවා කිව්වම ප්‍රේමදාසයට,එස්එස්සියට,ඕවල් එකට දුවන් මේ දරුවො ලෝක ක්‍රිකට් විරයන්ගෙ නාමාවලිය අස්සෙ උඩ පහළ ගියාට, පොල් පටවන බස්එකක් වගෙ වෙනකං හිරවෙලා ඉස්තෝප්පුවල මැච් බැලුවට උන්ට තිබුණේ ඒ වීරයො ගහන ක්‍රිකට් හීනෙන් දකින්න විතරයි.ඒ බෝලයකට බැට් එකකට පෑඩ් යුගලයකට උන් හිටියෙ ගමටත් වඩා දුරින්.කොළඹ හතේ තියෙන ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහා ඉදන් එස්එස්සි යට මැච් බලන්න ආවම තමන්ට ඇස් පනා පිට තියෙන දිව්‍ය ලෝකයෙ තමන්ගෙ පැත්තට හැරුණු දොරක් නැති එක ගැන උන් මැසිවිලි නැඟුවා.
කොළඹ ප්‍රධාන නගරය විතරක් නෙමෙයි,අල්ලපු නගරසභා බල ප්‍රදේශවලත් කොළොන්නාව,රාජගිරිය ප්රමුඛ කර ගත්තම තත්ත්වය මේක තමයි.ඔවුන්ගෙ පහසුකම් ගැන තියෙන ආසන්නම මතක අතරේ කොළොන්නාව මීතොටමුල්ල නාය යෑම ගන්න පුළුවන්.මේ සංස්කෘතියෙ යමක් තියෙන පාසල්වලට වඩා යමක් තියෙන මිනිස්සුන්ට වඩා බොහෝ දේවල් නැති මිනිස්සු වැටියි වැඩියි.එහෙම සංස්කෘතියකට ගමට ක්‍රිකට් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් දොරටු විවර කර දීම පුංචි විප්ලවයක්.සමහර විට ඒ දරුවන්ට ඊටත් වඩා ආශ්චර්යයක්.
එක් පාසලකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිස්දෙනෙකු වනසේ, ශ්‍රී පැරකුම්බා, ශ්‍රී ජයවර්ධනපුර හින්දු සහ රෝමාණු කතෝලික දමිල විදුහල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරගෙන .ඉකුත්දා රාජගිරිය ඔබේසේකරපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත් වූ දක්ෂතා හඳුනා ගැනීමේ වැඩ සටහන එවැනි විප්ලවීය මොහොතක්.ගමට ක්‍රිකට් සංකල්පය යටතේ ක්‍රිකට් ක්‍රීඩාව නැති පාසල්වල දක්ෂයන්ගේ දක්ෂතා හඳුනා ගෙන සංවර්ධනය කර ජාතික තලයට ඔසවා තැබීම මූලික කරගෙන පැවත් වූ එම වැඩ සටහන කවුරුත් නොසිතන කොළඹට කිරි බෙදීම ගැන හොඳම උදාහරණයක් හැටියට ගත හැකියි.
මේ අවස්ථාව ඉදිරියට කොළඹ දෙමටගොඩ අනුරුද්ධ බාලිකාව,දෙමටගොඩ ශාන්ත අන්තෝනි බාලිකාව,කොළොන්නාව ශාන්ත ජෝෂප්,කොළොන්නාව ටෙරන්ස් එන් ද සිල්වා වැනි විද්‍යාල වැනි තව විශාල ප්‍රමාණයක පාසල්වල සිසු සිසුවියන්ද සහභාගි කර ගෙන කළ හැකිනම් තවත් කැකිරිවත් නැති පාසල් වෙත කිරි බෙදීමක් විය හැකියි.
