රවීට එරෙහි බැඳුම්කර නඩුව යළි විභාගයට ගන්නැයි නියෝග!

Date:

කොළඹ LNW:හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව 2015 /2016 කාලයේ සිදුවූ බැඳුම්කර වංචාවට අදාළව මහාධිකරණයේ පවරා ඇති නඩුව යළි විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

එම නඩුවට අදාළව එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොණු කොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය උක්ත නියෝගය නිකුත් කර ඇත. .

මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා ගොනු කර තිබූ විශේෂ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝග කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයි රාජා, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගේ හමුවේ එම විශේෂ අභියාචන පෙත්සම් විභාගය වී තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා සහ ජනක් ද සිල්වා මහත්වරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් නඩු තීන්දුව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා මහා බැංකුව 2015/2026 වසර වලදී කළ බැඳුම්කර වෙන්දේසියේදී සිදුකරන ලදැයි කියන මුදල් වංචාව සම්බන්ධයෙන් එවකට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව අදාළ විමර්ශන ආරම්භ කර කෙරුණි.

විමර්ශනවලින් පසු රවි කරුණානායක මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එම නියෝගයෙන් අගතියට පත් රවී කරුණානායක මහතා එම වරෙන්තුව බලරහිත කරන රිට්ආ ඥාවන් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුණු මාලිමා මන්ත්‍රී උසාවියට ඉදිරිපත් වෙයි. මාධ්‍යට දෝස්මුරයකුත් තියයි

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්...

ට්‍රම්ප්ගේ බද්ද අඩුකර ගැනීමට ජනපති අනුර සහ USTR තානාපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ...

ජපන් වාහන වලට තිබුණ රැස් බස්සන BYD, MG රැල්ල!

සටහන – පුලී ජූලි 25, කොළඹ (LNW): 2025 වසරේ පෙබරවාරි...

චෙම්මනි ඛේදවාචකය:දෙවන අදියරේ 20 වැනි දිනය වන විට මිනිස් සිරුරු 90ක අස්ථි හඳුනා ගනී! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...