*
Sunday, May 11, 2025
spot_img

Latest Posts

යුක්රේනයට අත තියන්න එපා, බයිඩන් පුටින්ට කියු දේ..

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා එළඹෙන ඉරිදා (02) දින යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට ඇමරිකානු ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කර තිබුණේ ඊයේ (31) දිනයේ ය.

මෙම හමුව යුක්රේනය හා රුසියාව අතර පවතින දේශසීමාව තුළ රුසියාවේ හමුදා කඳවුරු ස්ථානගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හා එම තත්ත්වයේදී ඇමරිකාවේ සහාය යුක්රේනයට හිමිවන බව සහතික කිරීමට යොදා ගෙන ඇති බවට එම ධවල මන්දිර නිවේදනයේ දක්වා තිබිණ.

එමෙන්ම මෙම දේශසීමා අර්බුදය හේතුවෙන් රුසියාව හා යුක්රේනය අතර පවතින ගැටම්කාරී ස්වභාවය අවම කිරීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුකළ හැකි මැදිහත්වීම් කවරේද යන්න සාකච්ඡා කිරීමට ද මෙම හමුව ඉවහල් වනු ඇති බවට වාර්තා වේ.

මේ අතර, යුක්රේන – රුසියානු දේශසීමා ගැටළුව සම්බන්ධයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින බයිඩන් මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා සමඟ දුරකතන සංවාදයක් පවත්වා ඇති අතර, එහිදී බයිඩන් මහතා පැහැදිලිවම අවධාරණය කර තිබෙන්නේ යුක්රේනයට ප්‍රහාර දියත් කිරීමට රුසියාවට හැකියාවක් නොමැති බවයි.

“රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් හට මා පැහැදිලිවම ප්‍රකාශ කරා යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාවට හැකියාවක් නොමැති බවට,”

ඇමරිකානු ජනපතිවරයා එසේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම, රුසියාව යුක්රේනයට එරෙහිව අවි ඔසවන්නේ නම්, එක්සත් ජනපදය ඊට තීරණාත්මකව ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ද හෙතෙම අවධාරණය කර තිබේ.

ඒ අනුව, එවන් තත්ත්වයක් මතුවූවහොත් රුසියාවට සම්බාධක පනවන බවත්, යුරෝපය තුළ එක්සත් ජනපදයේ මැදිහත්වීම් වැඩි වශයෙන් සිදුවනු ඇති බවත් බයිඩන් ප්‍රකාශ කර තිබේ.

මෙහිදී නේටෝ සංවිධානයේ සාමාජිකයන් සමඟ සිට ගැනීමට ඇමරිකාව සූදානම් බව ද ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

යම් රටක්, යුරෝපීය හා යුරෝපීය නොවන රාජ්‍යයන් අතර පිහිටුවා ගත් හමුදා සන්ධානයක් මත බිහිවූ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ (North Atlantic Treaty Organization – NATO) සාමාජිකත්වය දරන්නේ නම්, එම සාමාජික රටට එරෙහිව සිදුකරන ප්‍රහාරයක් සමස්ත රාජ්‍යයන් එකමුතුවට ම එල්ල කරන ලද ප්‍රහාරයක් සේ සැලකේ.

යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ගැනීමට යුහුසුළුව සිටින අතර, මේ සම්බන්ධයෙන් රුසියාවේ දැඩි අප්‍රසාදය පළව තිබේ.

යුක්රේන – රුසියානු දේශසීමාව තුළ රුසියානු හමුදා කඳවුරු පිහිටුවීම සම්බන්ධයෙන් යුක්රේනය මාස ගණනාවක් පුරාවට විවිධ අනතුරු ඇඟවීම් සිදුකර තිබේ. පුටින් මීට ඉහත අවස්ථාවක අවධාරණය කර තිබුණේ, මෙලෙස හමුදා කඳවුරු පිහිටවූව ද, යුක්රේනයට පහර දීමට මොස්කව් සූදානම් නැති බවයි.

කෙසේවෙතත්, රුසියානු හිතවාදී බෙදුම්වාදීන් නැගෙනහිර යුක්රේන කලාපයට සේන්දු වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, යුක්රේන – රුසියානු දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් එළඹෙන ජනවාරි 10 වන දින ද එක්සත් ජනපදය හා රුසියාව අතර වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

Isuru Parakrama | Outbound Today

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan