Friday, March 31, 2023
spot_img

Latest Posts

සෞභාග්‍ය උතුරවන්න ආපු අය දැන් දුර්භාග්‍ය නම් උදාකරල තියෙනවා – ජෝශප් ස්ටාලින් (VIDEO)

ජනතාව විඳින පීඩනය සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු වගකීමක් නැති ආකාරයෙන් හැසිරෙන අතර සෞභාග්‍යයෙන් උතුරුවා ලීමට පැමිණි අය දැන් ජනතාවට දුර්භාග්‍ය උදාකර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ මහජන ව්‍යාපාරය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ජනතාවට ජීවත් වීමට නොහැකි බරපතල තත්ත්වයකට පත්ව තිබෙන අතර ගෑස්, පිටි, ඉන්ධන පෝලිම් වල සිටීමට සිදුව ඇති බවත් තව කොපමණ කාලයක් මෙම පීඩාව විඳීමට සිදුවනු ඇත්ද යන්න ආණ්ඩුව පැවසිය යුතු බවත් ස්ටාලින් මහතා අවධාරණය කරයි.

මෙම පීඩාව ජනතාවට තවදුරටත් දරාගත නොහැකි හෙයින් වහාම විසඳුමක් දීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.