ශ්‍රී ලංකාවේ ප්‍රාසාංගික සංගීත කලාව ලන්ඩනයට ගෙන ගිය “පරණවාඩිය”!

Date:

සටහන – සාරංගා අරන්දර

කොළඹ (LNW): එක්‌සත් රාජදානියේ ආනන්ද විද්‍යාලීය ආදී සිසුන්ගේ ක්‍රීඩා සංගමය සහ ආදී මියුසියස් විද්‍යාලීය සිසුවියන්ගේ සංගමය ඒකාබද්ද වී සංවිධානය කල මියුරු සංගීත ප්‍රසංගයක් ” පරණවාඩිය ” නමින් පසුගියදා ලන්ඩනයේ වෙම්බ්‍ලි හිදී අතිවිශාල ශ්‍රී ලාංකීයන්ගේ සහබාගිත්වයෙන් පැවැත්විනි.

ශ්‍රී ලාංකික ප්‍රසංග කලාවේ අතිශය ජනප්‍රිය නව පරපුරේ ගායන ශිල්පියෙකු වන දුමාල් වර්ණකුලසුරිය, සහ ආදී ආනන්දියෙකුද වන ජනප්‍රිය ගායක මදුමාදව අරවින්ද මෙන්ම විශාරද වීරසිරි මල්වත්ත, විශාරද අනුෂා මල් වත්ත සහ සංගීත විශාරද දනුෂා සමන්මලී රත්නායක ද මෙහිදී ගීත ගායනා කළහ. ඊට අමතරව සංගීත කලාව ප්‍රගුණ කල එංගලන්තයේ වෙසෙන තවත් ශ්‍රී ලාංකීකයෝද ගීත ගායනා කල අතර නර්තන අන්ග රැසකින්ද මෙම සංගීත ප්‍රසංගය වර්ණවත් කෙරිණි. සංගීතය මෙහෙයවූයේ විමර්ශ ජයසිංහ ප්‍රමුඛ විරාග වාද්‍ය වෘන්දයෙනි.
වාර්ෂිකව මෙයාකාරයේ උසස් ප්‍රමිතියෙන් යුතු සංගීත ප්‍රසංග ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සංවිධානය කිරීමට බලාපොරොත්තු වනබව ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩා සංගමයේ සභාපති චින්තක ගුනවර්දන මහතා සහ මියුසියස් විද්‍යාලයේ සභාපතිනී නීතීවේදිනී චමිලා උඩගෙදර මහත්මිය “අරුණ” ට පැවසුහ.

ජයාරූප – ට්‍රේවෝන් සිමෝන්ස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...