යළිත් වරක් මෙරට අගමැති තනතුරට පත් වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බව මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසනවා. නව අගමැතිවරයාට සුබපැතුම් පිරිනමමින් තානාපතිනිය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
තානාපතිනිය පවසන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදවලට විසඳුම් ලබා දී රට ස්ථාවර කිරීම නව අගමැතිවරයාගේ ප්‍රමුඛතම කාර්යභාරය වනු ඇති බවයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබාගෙන හැකි ඉක්මනින් ජනතා ගැටලු විසඳනු ඇතැයි බලාපොරොත්තු වන බවද ජූලි චන්ග් මහත්මිය සඳහන් කරනවා.
UN