සටහන – රුවන් නෙළුගොල්ල
විපක්ෂයේ කණ්ඩායම් එකතු වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම් සිදු කළත් සංවර්ධන වැඩ කිරීමට ඔවුන්ට අවස්ථාව නොදෙන බවත් මහවැලි අධිකාරිය වැනි මධ්‍යම ආණ්ඩුවේ ආයතන හරහා ජාතික ජන බලවේගය විසින් පමණක් සංවර්ධන කටයුතු සිදුකරන බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.
සංවර්ධන කටයුතු කිරීමට එවන් ප්‍රාදේශීය සභා, නගර සභා අනවශ්‍ය ලෙස මැදිහත් වුවහොත් ඔවුන්ට එරෙහිව නඩු පවරා වසර 20 – 25 වැනි දීර්ඝ සිරදඬුවම් ලබාදෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අනතුරු හඟවා සිටියේය.
“නයි මුගටි එකතුවෙලා හදනවා නම් මොකෝ වෙන්නෙ ? හදන්න පුළුවන්, සංවර්ධනය හොරුන්ට බාරදෙන්න අපි සූදානම් නෑ. නයි මුගටි එකතු වෙනවා නම් අපි බොහොම පැහැදිලිව කියනවා වැලිකන්ද සංවර්ධනය කරන්නෙ මහවැලි අමාත්‍යාංශය හරහා අපි එවනවා නීත්‍යානුකූලව සල්ලි මහවැලිය හරහා ගොවි ජනතාවට. කරලා බලමු. සභාපතිකම තියෙයි, උපසභාපතිකම තියෙයි, උත්සවවලට යයි, එහා පැත්තෙ පොල්තෙල් පහන දල්වන්න පුළුවන්, මෙහා පැත්ත අපි. ඊටවඩා දෙයක් දෙන්නෙ නෑ. සල්ලිවලින් වැඩ කරන්නෙ අපි. ඒගොල්ලො මේවා හදන්න අනවශ්‍ය විදියට එනවා නම් අපි සූදානම් ඒ අයට එරෙහිව නඩු ගේන්න. නඩුවලින් පුතේ නිකම් එන්න බෑ දැන්, අවුරුදු විස්සයි විසි පහයි යන්නෙ. මහින්දානන්ද ගියා නම් වැලිකන්දේ කුඩා බඩු කොහොම යයිද ? උසාවිය ඇතුළෙ වැඩ බේරාගන්නත් අපි සූදානම්”
ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (ජුනි 05) වැලිකන්ද ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
